ජාතික ඉන්ධන බලපත්රය හෙවත් QR ක්රමයට ඉන්ධන නිකුත් කිරීම නිසා ඉන්ධනහල්වල ආදායම් සියයට හැටකින් පමණ අඩුවී ඉන්ධන හල් පවත්වාගෙන යෑමට නොහැකිවී ඇතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවැසීය.
රට පුරා ඛනිජතෙල් සංස්ථාවට අයත් ඉන්ධන හල් 1340 ට දිනකට ඩීසල්, පෙට්රල් බවුසර් 350 ක් 400 ක් ඉන්ධන රැගෙන ගියත් මේ වනවිට එය බවුසර් 200 දක්වා පහත බැස ඇතැයිද ඔහු කීය. ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන හල් 210ට ඉන්ධන බවුසර් 85 ක් පමණ දෛනිකව ගෙන ගියත් එම ප්රමාණයද සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයිද ඔහු කීය. මේ ආකාරයෙන් ඉන්ධන ලැබුණත් QR ක්රමයට ඉන්ධන බෙදාහැරීම නිසා ඉන්ධන බවුසරයක් දින කිහිපයක් ඉන්ධන හලේ අලෙවි කිරීම නිසා ලාභය අඩුවී සේවක වැටුප්, විදුලි බිල, ජල බිල, බැංකු පොලිය ඇතුළු අනෙකුත් වියදම් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතින බවත් ඔහු කීය. ඇතැම් ඉන්ධනහල්වල විදුලි බිල රුපියල් 50,000 සිට රුපියල් 1,50,000 දක්වා වැඩිවී ඇතැයි ද ඔහු කීය.
චමින්ද සිල්වා