කිසිදා අමතක කළ නොහැකි ගාමිණී

579

ගාමිණී දිසානායක 27 වැනි ගුණ සමරුව වෙනුවෙනි

1994 ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැලියක නිමාව සිදුවූයේ එක්සත් ජාතික පක්‍ෂයට සහ ශී‍්‍ර ලංකා මාතාවට වටිනා යුගපුරුෂයෙකුගේ නිමාවද සනිටුහන් කරමිනි. වසර 27ක් ගෙවී ඇතත් අදටද මතකයෙන් නොයෙන ගාමිණී දිසානායක නම් සහෘදයා පිළිබඳ මෙසේ ආවර්ජනයක යෙදෙමි.

දේශපාලනඥයා තුළ යථාර්ථය හා බැඳුණු පැහැදිලි දර්ශනයක් තිබිය යුතුය. ජනතාව සමග සම්බන්ධය පවත්වා ගත යුතුය. තමා නියෝජනය කරන ජනයාගේ නෛසර්ගික ලැදිකම, අවශ්‍යයෙන්ම තිබිය යුතුය. මේ අනුව දර්ශනය ජනතාව මත පටවන්නක් නොව ඔවුන්ගෙන්ම ප‍්‍රභවය ලබන්නෙක් විය යුතුය. එසේම කි‍්‍රයාකාරීවීමට නම් දේශපාලනඥයාට ආත්ම ශක්තියක් තිබිය යුතුය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කැපවුණු, පරමාධිපත්‍යය ඇත්තේ තමාට නොව ජනතාවට බව වටහා ගත් රටවැසියන්ගේ දෛනික කටයුතු වලට ඇ`ගිලි නොගසන, ආගමික හා ජාතිවාදී අසහනය ඉවත දැමූ සියලූ පුරවැසියන්ට සමාන ඉඩ ප‍්‍රස්ථා ලබාදීමට ධෛර්යය දෙන්නාවූ, පටු පක්‍ෂවාදී අදහස් නොදරන්නාවූද, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජ්‍ය තාන්ත‍්‍රිකයක් යැයි කිව හැකි සහ ලංකා ඉතිහාසයේ නොමැකෙන යෝධ සංවර්ධන පැතිකඩ කිහිපයකින් තම දේශපාලන දිවියේ නොමැකෙන සනිටුහන් තැබූ දේශපාලකයෙක් වේ නම් ඔහු අන් කිසිවකු නොව දිවංගත ගාමිණී දිසානායකයන් බව අවිවාදයෙන් ප‍්‍රකාශ කළ හැකිය.

ලයනල් ගාමිණී දිසානායක වූ කලී අනාගතය දුටු විචක්‍ෂණ පුද්ගලයෙකි. ඔහු විවිධ අංශ නියෝජනය කළේය. නීතිඥවරයකු වශයෙන් තම වෘත්තීය දිවි මග ආරම්භ කළත් එම ක්‍ෂේත‍්‍රයට කොටු නොවී විවිධ අංශ කෙරෙහි මනා දැනීමකින් යුක්තව කටයුතු කළ අයෙකු බව සඳහන් කළ හැකිය.

ජනාධිපති අපේක්‍ෂකයෙකු, අලුත් දේශපාලන පක්‍ෂයක සමනිර්මාතෘ, සමාජ ප‍්‍රතිසංස්කාරකයකු යන විවිධ භූමිකා ඔහු විසින් නිරූපණය කොට ඇත. එක් එක් අදියරේදී ඔහුගේ දර්ශනය පුළුල්වූ අතර, ස්වකීය ජනතාවට මහ`ගු සේවයක් ඉටු කරමින් ඔහුගේ කෙටි ජීවිත කාලය ඉතා අර්ථවත් අන්දමින් ගත කරන ලදි.

1942 මාර්තු 20 වන දින මෙලොව එළිය දුටු ඔහු වයස අවුරදු 52ක් වැනි කෙටි කාලයක් තුළදී එනම් 1994 ඔක්තෝබර් මස 24 වන දින කුරිරු සාහසිකයකුගේ බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්විය. අදට 27 වසරක කාලයක් ගෙවී ගියද දේශපාලනික, ආර්ථික, සමාජයීය හා අධ්‍යාත්මික පැතිකඩ ඔස්සේ නොමැකෙන සංවර්ධනයක් කළ අයකු ලෙස එතුමා ගැන සඳහන් කළ හැකියි.

1970 දේශපාලන ගමන් මගෙහි පළමු පියවර එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් රට වෙනුවෙන් එතුමා ඉටු කළ කාර්යභාරය නම් සුළු පටු නොවීය.

එක්සත් ජාතික පක්‍ෂයේ දර්ශනය ගමින් ගමට යොමු කිරීමේ අසීරු කාර්යභාරයේ කොටසක් ගාමිණී දිසානායක මහතා වෙතද පැවරුනේ එදා ඔහු හිරිමල් යොවුන් වියේ පසුවීමත්, ඔහු සතුව තිබූ සංවිධාන ශක්තියත්, ජනතාව ඇද බැඳ තබා ගැනීමේ දක්‍ෂ කථිකත්වයත් හේතුවෙනි.

එතුමා ගාමිණී දිසානායක පරපුරත්, නුවරඑළියේ ප‍්‍රදේශවාසීන්වත් සලකනු ලැබුවේ එකම පවුලක් සාමාජිකයන් ලෙසිනි. මේ හේතුව නිසාම වතුකරයේ ජනතාවත් සිංහල ජනතාවත්, සහෝදරත්වයේ සුහදතාවයෙන් බැඳී සිටියහ. මෙම සුහදතාවය සීතල කඳුකරයට සාමකාමී පරිසරයක් තුළින් ප‍්‍රබෝධමත් පුනර්ජීවයක් ගෙන ඒමට සමත්විය.

ගාමිණී දිසානායක මැතිතුමාගේ දේශපාලන ගමන් මගත් සමගම බද්ධව තිබූ ඔහු උපතින්ම දායාද කරගත් මිනිස්කම ගාමිණීගේ දේශපාලන ගමන් මග සාර්ථක කිරීමේ එක් සංවිධානයක් විය. ගාමිණී දිසානායක මැතිතුමා සතුව තිබූ හැකියාව සේම කැපවීම නොපසුබස්නා උත්සාහය එකට කැටිකර ගනිමින් ඩඞ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, මැතිතුමන්ලාගේ උපදෙස් මත දේශපාලනයේ යෙදුනේ දක්‍ෂ නියමුවෙකු ලෙසිනි.

එක්සත් ජාතික පක්‍ෂය 1977 මහා මැතිවරණයේදී අති විශිෂ්ට ජයක් ලබමින් පාර්ලිමේන්තුව තුළ 5/6 ක බලයක් ලබා ගැනීමේදී ගාමිණී දිසානායක මැතිතුමා තම ශ‍්‍රමයත්, තියුණු චතුර කථිකත්වයත් පක්‍ෂය වෙනුවෙන් වැය කරමින් එම ජයග‍්‍රහණයේ ප‍්‍රබල කොටස්කරුවෙකු බවට පත්විය.

එම මැතිවරණයේදී නුවරඑළිය, මස්කෙළිය ආසනයෙන් පළමු වන මන්තී‍්‍රවරයා වශයෙන් තේරීපත් වූ මෙතුමාගේ දේශපාලන ගමන් මගෙහි ස්වර්ණමය යුගය ආරම්භ වුයේ ද එම ජයග‍්‍රහණයත් සමගය. ඉන්පසු ජේ. ආර්. ජයවර්ධන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු වශයෙන් මෙතුමා ලංකාවේ වාරි කර්මාන්තයටත්, කෘෂි කර්මාන්තයටත්, විදුලිබල පද්ධතියටත් සිදු කරන ලද සේවාව අතිවිශාලය.

එය නූතන ඉතිහාසයේ කෘෂි කර්මාන්තය සම්බන්ධ වන විෂයේදී දිවංගත ඞී. එස්. සේනානායක මැතිඳුන් හා සමවීමක් ලෙස සැලකිය හැකිය.

කෘෂිකර්මාන්තය අඩපණවූ යුගයකදී කෘෂිකර්මාන්තයත්, වාරි කර්මාන්තයත්, නව තාක්‍ෂණයත් ගොවි ජනතාව හා බද්ධ කිරීමට ගාමිණී දිසානායක මැතිතුමා ගත් උත්සාහය එතුමාගේ ප‍්‍රතිවිරුද්ධ දේශපාලනඥයින්ගේ පවා පැසසුමට ලක් විය.

කිසිදු අරමුණකින් තොරව මහා සාගරයට ගලා ගිය සැතපුම් 236 ක් දිගින් වූ මහවැලි ජල කඳ හැඩගස්වා, පෙළගස්වා එය වියලී ගිය ගම් බිම් කරා ගෙන ගොස්, එම ගම් බිම් රන්වන් කෙත් වතු බවට පත් කරන්නට ගාමිණී දිසානායක මැතිතුමාට හැකි වූයේ ඔහු සතුව තිබූ අප‍්‍රතිහත ධෛර්යය හා සැලසුම් කළමනාකරණය නිසාමය.

ශී‍්‍ර ලංකාවේ කෘෂි කර්මාන්තයත් වාරි කර්මාන්තයත් හා බැඳුනු දේශයක් බවට තේරුම් ගත් නායකයින් කිහිපදෙනාගෙන් ගාමිණී දිසානායක මැතිතුමාද එක් අයකු විය.

දිවයිනේ පිහිටි මුළු බිම් ප‍්‍රමාණයෙන් 2/3 කට වඩා නොඅඩු ප‍්‍රමාණයක් ජලය හිඟකම නිසා පීඩා විඳිද්දී මහවැලි ගංගාවෙන් පමණක් ඝණ අඩි ලක්‍ෂ 7ක පමණ ජලස්කන්ධයක් නිකරුනේ මහ මුහුදට ගලා යෑම තුළින් වියලි කලාපයේ කෘෂිකර්මාන්තයට අත්වන අහිතකර බලපෑම් සහල් නිෂ්පාදනයටත්, ජාතික සංවර්ධනයටත්, ගෙන දී තිබූ අර්බුදකාරී තත්වයට සහනයක් සැලසීමට මහවැලි සංවර්ධන ව්‍යාපාරයට හැකි වූ බව පිළිගත යුතුය. දේශය සහලින් සංවර්ධනය කිරීම ගාමිණී දිසානායක මැතිතුමාගේ මූලික අධිෂ්ඨානයක් වී තිබුණි.

කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ යන මහවැලි විදුලි බලාගාරවල නිෂ්පාදිත විදුලි බලය නොතිබෙන්නට ශී‍්‍ර ලංකාවට දැඩි විදුලිබල අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇත. පවතින විදුලිබල හිඟය මෙතරම් අවම තත්වයකට හෝ පත්වී ඇත්තේ ගාමිණී දිසානායක මැතිතුමා දියත් කළ ජල විදුලි යෝජනා ක‍්‍රම නිසාය.

ඝණ වනාන්තර බවට පත්ව තිබූ බිම් සරුසාර කෙත්වතු බවට සංවර්ධනය කොට නව නගර බිහි කොට රටේ විශ්මිත සංවර්ධනයක් ඇති කළේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය නිසා ජාතියට දායාද වූ ප‍්‍රතිලාභ වශයෙනි.

සෑම ක්‍ෂෙත‍්‍රයකම අතිදක්‍ෂ නිපුණත්වයක් ලබා සිටි මෙතුමා ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ පුරෝගාමියාද විය. ගාමිණී දිසානායක නම් වූ මෙම අද්විතීය මිනිසා නොසිටින්නට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට මෙතරම් ඉක්මනින් ටෙස්ට් වරම් ලබා ගත නොහැකි බව කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේත්, කී‍්‍රඩා විචාරකයින්ගේත් අදහස වී ඇත.

තමන් දිනූ ජන්ම භූමියේ නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමකාමී සාධාරණත්වයත් අගය කරන ජනසමූහයක් වාසය කළ යුතු බවට එතුමා සෑම විටකම විශ්වාස කළේය. පරිපූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිදහස භුක්තිවිඳීම නම් දරිද්‍රතාවයෙන් තොර පිරිසිදු මනසකින් යුත් මිනිසකු නිර්මාණය කළ යුතු බව එතුමාගේ අදහස විය. එම අදහස් කි‍්‍රයාත්මක කිරීම සඳහා සෑම විටම සිතට එකඟව කි‍්‍රයා කළේය.

ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඔහු ගමන් කළේ ඉතාමත් දුෂ්කර මාවතකය. ඔහු විශාල දේශපාලන අරගලයකින් පසු තරඟයට පිවිසියේය. ඔහුට දුෂ්කර අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට සිදු විය.

තම මාතෘභූමිය හැරදා ගොස් වසර 27ක් ගෙවුණද, ඔහු තම ජීවිත කාලය තුළ සිදු කළ සියලූ ශ්‍රේෂ්ඨ කාර්යභාරයන් මෙරට කෘතවේදී ජනතාව අමතක කර නැත. ඔවුන් සැමදා එතුමා සිහිකරනු ඇත. 1994 ඔක්තෝබර් 23 වෙනිදා මධ්‍යම රාත‍්‍රියේ තොටල`ගදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියදී සිදු වූ බිහිසුණු බෝම්බ පිපිරීමෙන් එතුමා පැහැරගෙන යන ලදි. ගාමිණී දිසානායක මැතිතුමා තම දිවි පූජා කළේ අභීත දෑහිතකාමී යුග පුරුෂයෙක් ලෙසිනි. මෙම උපහාරය ඔහුගේ ශී‍්‍ර නාමයටයි.

දේශබන්‍ඳු කරු ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment