කිසිම අපේක්‍ෂකයකුට  සියයට 50ක් නෑ – බ්‍රසීල ජනාධිපතිවරණය දෙවැනි වටයකට යයි

74

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා දෙවැනි වටයකට යෑමට සිදුව තිබේ.

වත්මන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 43.2 ක් වන අතර හිටපු ජනාධිපතිවරයකු වන ලූලා ද සිල්වා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 48.4 කි. හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ජනාධිපතිවරණයේ පෙරමුණ ගත්තත් එම ඡන්ද ප්‍රමාණය දෙවැනි වටයකට යෑම වැළැක්වීමට ප්‍රමාණවත් නොවීය.

බ්‍රසීල ජනාධිපතිවරණය ඉකුත් ඉරිදා (02දා) පැවැත්විණි.

ඒ අනුව බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 30 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. බ්‍රසීල ජනාධිපතිවරණයකින් අපේක්ෂකයකු ජයග්‍රහණය කිරීමට නම් තරග වදින අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතු වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment