කිසිම දවසක දේශපාලනයට එන්නේ නෑ – විමුක්ති කුමාරතුංග

879

ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට තමාගේ කිසිම අදහසක් නැතැයි ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කර සිටින බව විමුක්ති කුමාරතුංග මහතා කියා සිටියි.

 විජය කුමාරතුංග සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙපළගේ දෙටු පුත‍්‍රයා වන හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

 ප‍්‍රබල දේශපාලන පවුලක පුතකු ශ‍්‍රී ලංකා දේශපාලන කරළියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි.

 ඒ වාර්තාවලට මාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව තරයේ ප‍්‍රකාශ කරමි. ඉකුත් වසර 21 පුරාවටත්, තවදුරටත් පශු වෛද්‍යවරයකු ලෙස මාගේ වෘත්තියට සහ පශු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පුහුණුව සඳහාත් සම්පූර්ණයෙන් කැපවී එක්සත් රාජධානියේ සේවය කරමින් සිටිමි.

 මාගේ මාතෘ භූමියට මම ආදරය කරමි. මාගේ පෞද්ගලික හැකියාවන් තුළින් මා වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. එහෙත් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට මාගේ කිසිම අදහසක් නොමැති බව ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කර සිටිමි. එම නිසා අනාගතයේ මා ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් බැහැර කරන මෙන් සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමි.

advertistmentadvertistment
advertistmentadvertistment