කිසිම මන්ත්‍රී කෙනෙක් අඩු මිලට ඉන්ධන අරන් නෑ

125

කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විශේෂ වරප්‍රසාද යටතේ අඩු මිලට ඉන්ධන ලබාගෙන නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය 9 වැනිදා ඇති වූ සිද්ධියත් සමග ආරක්ෂක හේතූන් මත ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් හදන ලෙස ඛනිජ තෙල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටි නමුත් අඩු මිලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා නොමැති බව ද ඇමැතිවරයා කීය.

විශේෂයෙන්ම මන්ත්‍රීවරියන්ට පාරවල්වල උද්ඝෝෂණ නිසා පෝළිම්වල සිටීම අසීරු බැවින් මෙවැනි ඉල්ලීමක් සිදු කළ බව ද එසේ නොමැතිව අඩු මිලට කිසිදු තැනකින් තෙල් ලබා ගැනීමට ඉල්ලා හෝ තෙල් ලබා ගැනීමට කටයුතු කර නැති බව ද හෙතෙම සඳහන් කළේය.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment