කිහිලිකරු  වැරදියට භාවිතයෙන් ඇතිවන  ක්රච් පෝල්සි

530

*සෑම දෙනාට ම සිතෙන්නේ මෙම කිහිලිකරු කිහිල්ලට තද වන සේ තිබිය යුතු දෙයක් ලෙසයි එය වැරදිය

 * කිහිලිකරුවලින් ඇවිදීමට ක‍්‍රම ගණනාවක් ඇත


 පාදයක් බිඳීමෙන් හෝ පාදයක් කපා ඉවත් කළ අවස්ථාවක හෝ පාදය සම්බන්ධ වෙනත් රෝගවල දී රෝගියාට කිහිලිකරු භාවිතයෙන් ඇවිදීමට සිදුවේ. නමුත් මේ කිහිලිකරු නිවැරදි ලෙස භාවිත කරන අන්දම බොහෝ දෙනා නො දනිති. වැරදි ලෙස කිහිලිකරු භාවිතයෙන් නොයෙක් ගැටලූ ඇති විය හැකිය.

 වැරදි ලෙස කිහිලිකරු භාවිතයෙන් එනම් කිහිල්ල කිහිලිකරුවේ ඉහළ දුරයෙන් තෙරපී ඒ ආසන්නයේ ඇති ඇක්සිලර් ස්නායුව ද බොහෝ අවස්ථාවල දී රේඩියල් ස්නායුව ද තෙරපීමට ලක් විය හැකිය. එවිට එම ස්නායුවලින් පාලනය වන මාංශපේශීන් පණ නැතිව යයි. එනම් ඩෙල්ටොයිඞ් (Deltoid) ටෙරිස් මයිනර් (Teres Minor) සහ සියලූ එක්ස්ටෙන්සෝස් (Extensors) පණ නැතිව යා හැකි ය. මේ තත්ත්වය හේතු කොටගෙන අතේ සමහර චලනයන් සිදුකිරීමට නො හැකිවේ.

 උදාහරණ ලෙස මැණික් කටුව සන්ධියෙන් අත දිග හැරීම වැනි චලනයන් කිරීමට නො හැකිවේ. මෙය ක්රච් පෝල්සි ලෙස හැඳින්වේ :(Crutch Palsy) මෙය මඟ හරවා ගත හැක්කේ කිහිලිකරු නිවැරදිව හැසිරවීම මගිනි. එනම් කිසිවිටක කිහිලිකරු කිහිල්ල දෙසට තෙරපීමට ලක් නො කළ යුතුය. එය තෙරපීමට ලක් කළ යුත්තේ ශරීරයේ උරස් බිත්තියට ය.

 කිහිල්ලේ සිට අ`ගල් 2ක් පමණ යටින් කිහිලිකරුවේ ඉහළ දුරය තිබිය යුතුය. සෑම දෙනාට ම සිතෙන්නේ මෙම කිහිලිකරු කිහිල්ලට තද වන සේ තිබිය යුතු දෙයක් ලෙසයි.

 එය වැරදිය. එසේ වුවොත් පෙර සඳහන් කළ ස්නායුව තෙරපී පේශී ආඝාතයට පත්වේ. තවද කිහිලිකරුවේ උස

 රෝගියාගේ උස අනුව සීරුමාරු කරගත යුතුය. මේ සඳහා භෞතචිකිත්සක උපදෙස් මත මෙය කළ හැකිය.

 කිහිලිකරුවලින් ඇවිදීම පුහුණු කිරීම ද භෞතචිකිත්සකවරු සතු කාර්යයකි. කිහිලිකරුවලින් ඇවිදීමට ක‍්‍රම ගණනාවක් ඇත. ආබාධය සිදුවූ අස්ථිය අනුව අබාධයේ ස්වභාවය අනුව එයට හේතුව අනුව එයට කළ ශල්‍යකර්මය අනුව රෝගියාගේ වයස අනුව ක‍්‍රම විවිධ වේ. එනම් ආබාධය වූ අස්ථිය ඇති පාදයට බර නො දී ඇවිදීම : (Non weight bearing) ආබාධය සිදු වූ අස්ථිය ඇති පාදයට බරෙන් කොටසක් පමණ දමා ඇවිදීම
 (Partia weight bearing) එයට බර සම්පූර්ණයෙන් දෙමින් ඇවිදීම (Full weight bearing) ලෙස ක‍්‍රම 3 කි.

 අනිවාර්යයෙන් කිහිලිකරුවලින් ඇවිදීමට පුහුණු වීමට භෞතචිකිත්සක උපදෙස් ගත්තු තව ද මෙවැනි අස්ථි භග්න අවස්ථාවල දී ඉහත විස්තර කළ කිහිලිකරුවලින් ඇවිදින ක‍්‍රම කිහිලිකරු නොමැතිව ජල තටාකයක් තුළ දී සිදු කිරීම කළ හැකිය.

 එනම් ජල තටාකයේ දී රෝගියාගේ උරහිස් මට්ටමට වතුර පුරවා ඇතිවිට සාමාන්‍යයෙන් බිඳුණු අස්ථිය ඇති පාදයට භදබ ඇසටය Non weight bearing  ක‍්‍රමය එනම් බර නොදු යන ක‍්‍රමය කළ හැකිය. උරහිස් මට්ටම ට ජලතටාකයට ජලය පුරවා 90%ක් පමණ රෝගියාගේ බර පාදයට නො දැනේ. ජලයේ උඩුකුරු තෙරපුම නිසා ඉණ මට්ටමට ම වතුර පුරවා ඇවිදින විට රෝගියාගේ බරෙන් 50%ක් පමණ නො දැනේ ච්රඑස්ක ඇසටය  partial weight bearing ක‍්‍රමය වේ. වැරදියට කිරීමේ ක්රච් භාවිතය නිසා රේඩියල් හෝ ඇක්සිලර් ස්නායුව පණ නැතිව ගියොත් භෞතචිකිත්සකවරු විiුත් උත්තේජනය මගින් ද පතුරු ක‍්‍රම මගින් ද එය සුව කිරීමට කටයුතු කරයි.

කිහිලිකරු  වැරදියට භාවිතයෙන් ඇතිවන  ක්රච් පෝල්සි
advertistmentadvertistment
advertistmentadvertistment