කිළිනොච්චියේ ඇළකට වැටී කිරිකැටියෙක් මියයයි

134

කිළිනොච්චිය, මරුදනගර් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටින් ගමන් කරන කෘෂිකාර්මික දිය ඇළකට වැටී වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවකු 4 වැනිදා මියගොස් ඇති බව කිළිනොච්චිය පොලිසිය පැවසීය.

කිළිනොච්චියේ ඇළකට වැටී කිරිකැටියෙක් මියයයි

සවස හයට පමණ මෙම දරුවා කෘෂි ඇළට වැටීමෙන් පසුව එතැන් සිට මීටර් 200ක් පමණ දුරකට ගසා ගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් පිරිසක් ඇළට පැන දරුවා බේරා ගෙන කිළිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විට එම දරුවා මියගොස් සිට ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය, මරුදනගර් ගම්මානයේ පදිංචිව සිටි නිශාන්තන් සබේසන් නමැති දරුවාය.

කිළිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment