කිළිනොච්චියේ නිවසක තුවක්කු13 ක් හා පතරොම් තොගයක් සමග සැකකරු අල්ලයි

339

කිළිනොච්චියේ යුද හමුදාව ධර්මපුරම් පොලිසියේ නිලධාරීන් වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සමග එක්ව නිසවක් සෝදිසි කොට මෙරට තනන ලද තුවක්කු 13 ක් පුපුරණ ද්‍රව්‍ය හා පතරොම් 297 ක් 12දා අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ධර්මපුරම් කඳවෙල කෝනංකුලම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේ දී මෙම ගිනි අවි හමු වී තිබේ. මෙම ගිනි අවිවලින් දඩයම් කළ බවට සැක කෙරෙන මස් කිලෝ ග්‍රෑම් 12ක් ද එම අවස්ථාවේ දී සැකකරුගේ නිවසේ තිබී හමු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇති අතර යුද හමුදාව හා පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යයි. අනතුරුව සැකකරු කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බව ධර්මපුරම් පොලිසිය ප්‍රකාශ කරයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment