කිළිනොච්චිය ටිපර් මාරයා පියා සමග යතුරුපැදියෙන් – සාපෙළ ලියන්න ගිය සිසුවිය යට කරයි

91

පියා ජීවිතක්ෂයට: සිසුවියට තුවාල
අනතුරින් පසු ටිපරය දමා රියැදුරු පළා ගිහින්

කිළිනොච්චියේ උමයාල්පුරම් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක් තුවාල ලබා ඇයගේ පියා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය වඩමරච්චි අලියාවෙල ප්‍රදේශයේ පදිංචි කන්දසාමි කලයිරුබන් නමැති අයෙකි.

ඔහු සිය යතුරු පැදියෙන් විශ්වමඩු ප්‍රදේශයේ සිට ඒ-9 මාර්ගය ඔස්සේ අලියාවෙල දෙසට ගමන් කරමින් සිටියදී පලෙයි ප්‍රදේශයේ සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මියගිය අයගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා කිළිනොච්චිය රෝහල වෙත බාර දී තිබේ.

අනතුරෙන් පසුව ටිපර් රථයේ රියදුරු කිලිනොච්චිය දෙසට ගමන් කර කිලිනොච්චිය පොලිස් ස්ථානය අසල ටිපර් රථය දමා පලා ගොස් සිටියදී පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment