කිළිනොච්චිය රෝහලේ ඔක්සිජන් පිරවීමේ මධ්‍යස්ථානයට මැර ප්‍රහාරයක්

215

කිළිනොච්චිය රෝහලේ ඔක්සිජන් පිරවීමේ මධ්‍යස්ථානයට පසුගිය 20 දා කඩා වැදුණු පිරිසක් එම මධ්‍යස්ථානයේ යන්ත්‍ර සූත්‍ර සියල්ලටම දැඩි හානි සිදුකොට තිබේ.

මේ නිසා කිළිනොච්චිය රෝහලට රුපියල් මිලියන 53ක අලාභයක් සිදුව ඇති බවත් හදිසි අවශ්‍යතාවන් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර් 99 ක් ගෙන්වා ගත් බවත් කිළිනොච්චිය රෝහලේ පාලනාධිකාරිය සඳහන් කරයි.

රෝහලේ ඔක්සිජන් පිරවීමේ මධ්‍යස්ථානය විනාශ කිරීමට හේතුව හෝ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කිළිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment