කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුමට හෙටට කලින් අත්සන් කළේ නැතිනම් ඉන්දීය තරගාවලියෙන් දොට්ට… කි‍්‍රකට් තාක්ෂණික කමිටුව කී‍්‍රඩකයන්ට කියයි

233

නව කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුමට අත්සන් තැබීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට හෙට (08 වැනිදා* දිනය දක්වා කල් ලබා දී තිබේ. එම ගිවිසුමට අත්සන් නොකරන කී‍්‍රඩකයන් කිසිවකුත් එළැඹෙන ඉන්දීය තරගාවලියට
 
 සහභාගි නොකරන බවට රතු නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටී.
 
 දක්ෂතා මත වැටුප් ගෙවීමේ ක‍්‍රමවේදයක් මත සකස් කෙරුණු නව කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුමක්
 
 පසුගියදා අරවින්ද ද සිලවා ප‍්‍රමුඛ කි‍්‍රකට් තාක්ෂණික කමිටුව විසින් හඳුන්වා දුන්නේය. එ් අනුව එම කොන්ත‍්‍රාත් ගිවිසුමට අනුව කී‍්‍රඩකයන්ගේ වැටුප් වර්ගීකරණය කළේ කෙසේද යන්න සහ එ් සඳහා ලබා දුන් ලකුණු මෙන්ම කොන්ත‍්‍රාත් ගිවිසුමේ විනිවිද භාවය පිළිබඳ ප‍්‍රශ්න කරමින් එයට අත්සන් තැබීම කී‍්‍රඩකයන් 36 දෙනකු විසින් ප‍්‍රතික්ෂේප කර තිබිණි.
 
 කෙසේ වෙතත් පසුගිදා නිමාවට පත්වූ එංගලන්ත සංචාරය සඳහා පිටත්ව යෑමට පෙර මෙම කොන්ත‍්‍රාත් ගිවිසුමට අත්සන් තබන ලෙස කී‍්‍රඩකයන්ට බලපෑම් එල්ල කර තිබුණද අදාළ සංචාරයෙන් අනතුරුව මෙම ගැටලූව විසඳා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට අදාළ කී‍්‍රඩකයන් එකඟවී තිබිණි. එ් අනුව ඊයේ (07 වැනිදා* රාති‍්‍රයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතව තිබුණු අතර එසේ පැමිණෙන කී‍්‍රඩකයන්ට අද දිනය තුළ මෙම ගිවිසුමට අත්සන් කළ යුතු බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටී.
 
 මේ අතර ගිවිසුම අත්සන් කර ඇති කී‍්‍රඩකයන් 13 දෙනකු ආරක්ෂක ජෛව බුබුළක් තුළ මේ වන විට පුහුණුවීම් ආරම්භ කර තිබේ. එම කී‍්‍රඩකයන් අතරට වත්මන් කණ්ඩායම නියෝජන කරන කිසිදු කී‍්‍රඩකයකු ඇතුළත් නොවන අතර ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ද ඇතුළත් වී නොමැත. එ් අනුව නියමිත දිනට පෙර අදාළ කී‍්‍රඩකයන් මෙම කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් නොකළහොත් දැනට ගිවිසුම අත්සන් කර ඇති කී‍්‍රඩකයන් ඇතුළත් කර ඉන්දීය තරගාවලිය සඳහා කණ්ඩායමක් නිර්මාණය කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ කියා ඇති බවට ද වර්තා වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment