කි‍්‍රකට් ප‍්‍රවීණයන් ගැටෙන ‘ලෙජන්ඞ් ලීග්’ තරගාවලිය අද ඇරැඹේ

591

විශ‍්‍රාමික කි‍්‍රකට්  කී‍්‍රඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3ක් එකිනෙක ගැටෙන ලෙජන්ඞ් ලීග් කි‍්‍රකට් තරගාවලිය ඕමානයේදී අද (20 වැනිදා) ඇරැුඹේ. එ් අනුව තරගාවලිය ආරම්භ කරමින් ඉන්දියා මහරාජ් කණ්ඩායම සහ ආසියා ලයන්ස් කණ්ඩායම අද තරග වැදීමට නියමිත අතර තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් රාති‍්‍ර 8ට ආරම්භ වේ.

ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඔස්ටේ‍්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ එංගලන්තය වැනි රටවල් නියෝජනය කළ හිටපු ප‍්‍රවීණ කී‍්‍රඩකයන්ගෙන් සැදුම්ලත් ආසියා ලයන්ස්, ඉන්දියා මහරාජස් සහ වර්ල්ඞ් ජයන්ට්ස් යන කණ්ඩායම් ලෙජන්ඞ් ලීග් තරගාවලියේදී තරග වදිනු ලබයි. එ් අනුව ලෙජන්ඞ් ලීග් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් හිටපු ප‍්‍රවීන කී‍්‍රඩකයන් 8 දෙනකු සහභාගි වේ. එහිදී ආසියා ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ශී‍්‍ර ලංකාවෙන් ටී. එම්. ඩිල්ශාන්, රොමේෂ් කලූවිතාරණ, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස් සහ දිල්හාර ප‍්‍රනාන්දු යන කී‍්‍රඩකයන් කී‍්‍රඩා කිරීමට නියමිතය. එමෙන්ම එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස 1996 ලෝක ශූරතාවය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග කටයුතු කරනු ලබයි.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් 8 දෙනාට අමතරව ෂොයිබ් අක්තාර්, ෂහීඞ් අෆ්රිඞී, කමරන් අක්මල්, අසාර් මහමුඞ්, මිස්බා උල්හක්, මොහොමඞ් හෆීස්, ෂොයිබ් මලීක්, මොහොමඞ් යූසොෆ්, උමාර් ගුල් සහ අස්ගර් ඇෆ්ගන් ආසියා ලයන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

ඉන්දියා මහරාජස් කණ්ඩායම වෙනුවෙන් විරේන්ද්‍ර

ෂෙවාග්, යුවරාජ් සිං, හර්බජාන් සිං, ඉර්ෆාන් පතාන්, යූසොෆ් පතාන්, ආර් පී සිං, ප‍්‍රග්‍යන් ඕජා, නමන් ඕජා, මන්පී‍්‍රට් ගෝනි, හේමන් බදානි, වෙනුගෝපාල් රාවෝ, මුනාෆ් පටේල්, සංජය බන්ගර්, නයන් මොන්ගියා සහ අමිත් බන්ඩාරි නම් කර තිබේ.

වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ඩැන් සමී, ඩැනියෙල් විටෝරි, බ්‍රෙට් ලී, ජොන්ටි රෝඞ්ස්, කෙවින් පීටර්සන්, ඉම්රාන් තහීර්, ඔවිස් සාහ්, හර්සල් ගිබ්ස්, ඇල් බී මෝකල්, මොන් මෝකල්, කොරී ඇන්ඩර්සන්, මොන්ටි පනේසා, බ‍්‍රැඞ් හෙඩින්, කෙවින් ඕබි‍්‍රයන් සහ බ්‍රෙන්ඩන් ටේලර් කී‍්‍රඩා කිරීමට නියමිතව තිබේ.

තරග කාල සටහන

ජනවාරි 20 – ඉන්දියා මහරාජ් – ආසියා ලයන්ස්

ජනවාරි 21 – වර්ල්ඞ් ජයන්ට් – ආසියා ලයන්ස්

ජනවාරි 22 – වර්ල්ඞ් ජයන්ට් – ඉන්දියා මහරාජ්

ජනවාරි 24 – ආසියා ලයන්ස් – ඉනදියා මහරාජ්

ජනවාරි 26 – ඉන්දියා මහරාජ් සහ වර්ල්ඞ් ජයන්ට්ස්

ජනවාරි 27 – ආසියා ලයන්ස් සහ වර්ල්ඞ් ජයන්ට්ස්

ජනවාරි 29 – අවසන් මහා තරගය

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment