කීරිමලේ මුහුදේ විනෝදයට පිහිනමින් සිටි තරුණයෙක් ගසාගෙන ගොස් මරුට

502

අයහපත් කාලගුණික තත්ත්වය මැද යාපනයේ මුහුද රළු වී තිබියදී විනෝදයට කීරිමලේ මුහුදේ පිහිනීමට ගිය තරුණයකු ගසාගෙන යෑමෙන් පසුව මිය ගොස් තිබේ.

වයස අවුරුදු 18 ක සූරියකාන්තන් සජීවන් නැමැති මෙම තරුණයා යාපනයේ කලත්ති ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු තවත් යහළුවන් හතර දෙනකු සමග මුහුදේ පිහිනමින් සිටියදී ගසා ගෙන ගොස් තිබේ.

අතුරුදන් වූ තරුණයා පිළිබඳ කන්කසන්තුරේ පොලිසියට හා නාවික හමුදාවට පැමිණිලි කිරීමෙන් පසුව එම නිලධාරීන් පැමිණ පැය දෙකහමාරක් පමණ කාලයක් කළ සෝදිසියකින් පසුව මියගිය තරුණයාගේ මළ සිරුර සොයා ගෙන තිබේ. කන්කසන්තුරේ පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment