කී‍්‍රඩකයන් 21ක් සමගින් මතීෂ සහ වෙල්ලාලගේ අයිපීඑල් වෙන්දේසියට  

454

මේ වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 23 දෙනකු සුදුසුකම් ලබා තිබේ. එ් අනුව ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයන්ට අමතරව 19න් පහළ කණ්ඩායමේ කී‍්‍රඩකයන් දෙදෙනකුද එ් අතර වීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබේ.

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කී‍්‍රඩක වෙන්දේසිය මේ මස 12 සහ 13 දෙදින බැංගලෝරයේදී සිදු කෙරේ. එ් සඳහා ලෝකයේ කී‍්‍රඩකයන් 590ක් සුදුසුකම් ලබා තිබේ. ඉන් කී‍්‍රඩකයන් 370ක් ඉන්දීය කී‍්‍රඩකයන් වන අතර 220ක් විදේශීය කී‍්‍රඩකයෝ වෙති. වෙන්දේසිය සඳහා සුදුසුකම් ලැබූ කී‍්‍රඩකයන් 590 අතරින් කී‍්‍රඩකයන් 228 දෙනකු සිය රටේ ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන් වන අතර ඉතිරි 355 දෙනකු ජාතික කණ්ඩායමට කී‍්‍රඩා නොකළ කී‍්‍රඩකයන් වේ.

කී‍්‍රඩකයන් 21ක් සමගින් මතීෂ සහ වෙල්ලාලගේ  අයිපීඑල් වෙන්දේසියට  

එ් අනුව ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ නොවන සහ 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණද මෙවර අයි.පී.එල්. වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා තිබේ.

මතීෂ සහ වෙල්ලාලගේට අමතරව වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අකිල ධනංජය, භානුක රාජපක්ෂ, අවිශ්ක ප‍්‍රනාන්දු, පැතුම් නිස්සංක, චාමික කරුණාරත්න, දසුන් ශානක, කෙවින් කොත්තිගොඩ, තිසර පෙරේරා, ළහිරු කුමාර, ඉසුරු උදාන, නුවන් තුෂාර, දනුෂ්ක ගුණතිලක, ධනංජය ලක්ෂාන් සහ සීකුගේ ප‍්‍රසන්න මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් කී‍්‍රඩක වෙන්දේසියට ඇතුළත්ව සිටී.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment