කී‍්‍රඩා  ඇමැති  රග්බි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි

291

ශී‍්‍ර ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. එ් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව පසුගිය 01 වැනිදා රාති‍්‍රයේදී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

නිකුත් කළ ඇති ගැසට් නිවේදනයට අනුව ශී‍්‍ර ලංකා රග්බි සම්මේලනයේ පරිපාලනය සහ වෙනත් කටයුතු මෙන්ම අදාළ නිලවරණයන් කැඳවීමේ සහ අනෙකුත් කටයුතු කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වෙත පවරා තිබේ. කෙසේ වෙතත් මෙම තීරණය ගැනීම හේතු වූ කරුණ කුමක්ද යන්න එම ගැසට් නිවේදනයේ සඳහන් වී නොමැති අතර හිටපු සම්මේලනය කී‍්‍රඩා අමාත්‍යවරයාගේ නියෝගයක්

කඩකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ශී‍්‍ර ලංකා රග්බි සම්මේලනයේ නිලධාරියෙක් ‘දිවයින’ට කියා සිටියේය.

‘කොරෝනා තත්ත්වය හේතුවෙන් රග්බි පිටිය වසා තිබුණු යුගයක නැවතත් රග්බි කී‍්‍රඩාවට පණදීල අන්තර් සමාජ රග්බි තරගාවලිය ආරම්භ කළා. එ් විතරක් නෙමෙයි අනුග‍්‍රහය දෙන්නවත් කෙනෙක් ඉදිරිපත් නොවුණු අවස්ථාවක තමයි රිස්ලි ඉලිහාස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් හිටපු ශී‍්‍ර ලංකා රග්බි සම්මේලනය එ් වගේ තරගාවලියක් කි‍්‍රයාත්මක කළේ. ශී‍්‍ර ලංකා රග්බි සම්මේලනය එ් වගේ සකී‍්‍රය යුගයක තිබියදී කී‍්‍රඩා අමාත්‍යවරයාගේ මෙම තීරණය පුදුම සහගතයි. ඇතැම් විට මේක පිටිපස්සේ දේශපාලනය තිබෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ගැසට් නිවේදනය හැරුණුකොට මේ දක්වා කී‍්‍රඩා අමාත්‍යංශයෙන් අපිට මේ ගැන දන්වා නැහැ’ යැයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම අත්හිටුවීම තුළින් ඉදිරියේදී ජාත්‍යන්තර තරග රැුසක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට අහිමිවීමේ වැඩි අවදානමක් පවතින බවද කේෂ්ත‍්‍රයේ ප‍්‍රවීණයෝ කියා සිටිති. එ් අනුව එළැඹෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල සහ ආසියානු ශූරතාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කණ්ඩායමට අහිමිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවත් සම්මේලනය අත්හිටුවීම තුළින් ජාත්‍යන්තර රග්බි සම්මේලනය වාරණ නියෝගයක් පැනවීමට ඉඩ ඇති බවත් ඔවුහු කියා සිටී.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment