කී‍්‍රඩකයෝ 29ක් ගිවිසුම් ගතවෙති – මැතිව්ස් තනි තීරණයක

361

විනිවිද භාවය මුල්කරගනිමින් ඇති වූ කි‍්‍රකට් කී‍්‍රඩක කොන්ත‍්‍රාත් ගිවිසුම් ගැටලූව සමථයකට පත් කරමින් එළැඹෙන ඉන්දීය තරගාවලිය සඳහා සංචාරක ගිවිසුම අත්සන් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයෝ එකඟතාව පළකර තිබේ. එ් අනුව ඇන්ජලෝ මැතිව්ස් හැරුණුකොට අදාළ කි‍්‍රකට් කී‍්‍රඩක ගිවිසුම සඳහා අත්සන් තැබීමට අනෙකුත් කී‍්‍රඩකයෝ 29 දෙනකු ඊයේ (07 වැනිදා) පියවර ගෙන තිබිණි.

කී‍්‍රඩකයින්ගේ දක්ෂතා පදනම්ව වැටුප් ගෙවීමේ ක‍්‍රමවේදයකට අනුව සකස් කෙරුණු නව කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුමක් පසුගියදා අරවින්ද ද සිල්වා ප‍්‍රමුඛ කි‍්‍රකට් තාක්ෂණික කමිටුව මගින් හඳුන්වා දුන්නේය. එ් අනුව එහිදී කී‍්‍රඩකයින් දක්ෂතා අනුව වර්ගීකරණය කිරීමේ විනිවිදභාවය පිළිබඳ කී‍්‍රඩකයින් දැනුවත් කරන ලෙස ඉල්ලමින් අදාළ ගිවිසුම අත්සන් කිරීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් විසින් ප‍්‍රතික්ෂේප කර තිබිණි.

කෙසේ වෙතත් පසුගියදා නිමාවට පත්වූ එංගලන්ත සංචාරය සඳහා පිටත්ව යෑමට පෙර මෙම කොන්ත‍්‍රාත් ගිවිසුමට අත්සන් තබන ලෙස කි‍්‍රකට් නිලධාරීන් විසින් කී‍්‍රඩකයන්ට බලපෑම් එල්ල කර තිබුණද අදාළ සංචාරයෙන් අනතුරුව මෙම ගැටලූව විසඳා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට එහිදී කී‍්‍රඩකයන් එකඟවී තිබිණි. එ් අනුව පෙරේදා (06 වැනිදා) රාති‍්‍රයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි අතර එම කී‍්‍රඩකයන්ට කොන්ත‍්‍රාත් ගිවිසුම අත්සන් කිරීම සඳහා ඊයේ (07 වැනිදා) පෙරවරුව දක්වා කල් ලබා දී තිබිණි.

එ් අනුව පෙරේදා රාති‍්‍රයේදී කී‍්‍රඩකයින් කිහිප දෙනකු වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට අත්සන් තැබුව ද ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් කිහිප දෙනකු ඒ සඳහා අකැමැත්ත ප‍්‍රකාශ කර තිබිණි. අනතුරුව කී‍්‍රඩකයන්ගේ වාර්ෂික කොන්ත‍්‍රාත්තුව වෙනුවට දක්ෂතා පදනම් කර ගනිමින් එක් එක් තරගාවලි සඳහා වෙන වෙනම සංචාරක කොන්ත‍්‍රාත්තුවක් ලබා දෙන බවට කි‍්‍රකට් ප‍්‍රවීණයන්ගෙන් සමන්විත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තාක්ෂණික කමිටුව කී‍්‍රඩකයන්ට දැනුම් දී තිබිණි. ඒ අනුව අදාළ ලැයිස්තු ගත කී‍්‍රඩකයින් 30 දෙනා අතරින් ඇන්ජලෝ මැතිව්ස් හැරණු කොට අනෙකුත් 29 දෙනා එම ගිවිසුමට ඊයේ අත්සන් තබා තිබිණි.

ඉන්දීය තරගාවලිය සඳහා නම් කළ මූලික සංචිතයේ 30 දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස්ද ඇතුළත්ව සිටි අතර තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙස මැතිව්ස් ඊයේ ලිපියක් මගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ඉල්ලා තිබිණි. එ් අනුව මැතිව්ස් මෙම ගිවිසුමට අත්සන් නොකළ අතර සිය පෞද්ගලික කරුණක් හේතුවෙන් තමන් එම ඉල්ලීම සිදුකළ බව මැතිව්ස් ප‍්‍රකාශ කර සිටී.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment