කුකුළු ආහාර හා ඖෂධ බදු ඉවත් කළොත් බිත්තරයක් 40 ට දෙනවා

113

බිත්තර රටින් ගේන්නේ කොමිස් ගහන්න

කුකුළු ගොවිපළවල් සඳහා ආනයනය කෙරෙන ඖෂධ සහ ආහාර වර්ගවල බදු ඉවත් කිරීමට රජය කටයුතු කළහොත් බිත්තරයක් රුපියල් 40 ක මිලකට ලබාදිය හැකි බව බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

ඩීසල්, පෙට්‍රල්, වී කුඩු, පුන්නක්කු සහ බඩඉරිඟු මිල ද ඉහළ ගොස් ඇති නිසා බිත්තර මිල ද ඉහළ ගොස් ඇති බව එම සංගමයේ සභාපති නිලේෂ් රූපසිංහ මහතා පවසයි.

මේ තත්ත්වය යටතේ ඇතැමුන් බිත්තර ආනයනයට ක්‍රියා කරන්නේ කොමිස් ලබා ගැනීමේ අරමුණින් බවට ද බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.

මේ වනවිට වෙළෙඳ පොළේ දැඩි බිත්තර හිඟයක් පවතින අතර බොහෝ ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 55 ත් 64 ත් අතර මිලකට අලෙවි වෙමින් තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment