කුකුළු කෑම අහස උසට – ගොවිපොළවල් පවත්වාගෙන  යෑම අසීරුයි

121

ගොවීන්ගෙන් මැසිවිලි

කුකුළු කෑම වර්ගවල මිල ඉහළයෑම නිසා කුකුළු පාලනයේ නිරත ගාල්ල, අක්මීමන හා බෝපේ පොද්දල යන ප්‍රදේශවල ගොවීන් ගැටලු රැසකට ලක්ව ඇති බැව් ඔවුහු පෙන්වා දෙති.

මේ වනවිට බිත්තර කෑම කිලෝ 50 කොට්ටයක්  රු. 13,000 ක් හා පැටව් කෑම කිලෝ 25 කොට්ටයක් රු. 6800 හා කුකුළු නාම්බෝ සඳහා ලබාදෙන කිලෝ 25 කෑම කොට්ටයක් රු. 5600 දක්වා ඉහළ ගොස් ඇති බැව් කුකුළු පාලනයේ නිරත ගොවීහු පවසති. මේ නිසා කුකුළු පාලනයේ නිරත ගොවීහු දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවත්, බිත්තරයකින් රු. 06 ක පමණ පාඩුවක් සිදුවන බවද කුකුළු පාලනයේ නිරත ගාල්ල කැරැන්විල ප්‍රදේශයේ ගොවි මහතෙකු වන රංජිත් අනුර මහතා පවසයි.

කුකුළු කෑම මිල විශාල වශයෙන් ඉහළයෑම නිසා කුකුළු ගොවිපොළවල් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද හෙතෙම පවසයි. කුකුළු කෑම මිල පාලනය කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment