කුඩාවැල්ලේ කරවල කර්මාන්තකරුවෝ වැල්ලේ හැපෙති

725

තංගල්ල කුඩාවැල්ල ප‍්‍රදේශයේ කරවල කර්මාන්තයෙහි යෙදෙන පවුල් සියයක් පමණ රජය හා පෞද්ගලික අංශ මගින් කරවල ආනයනය කිරීම හේතුවෙන් කබලෙහි ලිපට වැටුණු තත්ත්වයට පත්ව ඇත. මොවුන් පවසන අන්දමට කරවල ආනයනය කරනු ලබනුයේ උත්සව සමයන්හිදී වන අතර එසේ කරවල පිටරටින් ආනයනය කරනුයේ තමන් විසින් නිපදවන ලද කරවල විශාල තොග තිබියදී බවට ඔවුහු මැසිවිලි නඟති.

 
එබැවින් ඒවා අලෙවිකර ගැනීමට ඇති සෑම මඟක්ම ඇහිරෙන බව කරවල කර්මාන්තකරුවෝ පවසති.
 
ඔවුන් පවසන අන්දමට කුඩාවැල්ලේ ප‍්‍රදේශයේ නිපදවනු ලබන කරවල ආනයනය කරනු ලබන කරවලට වඩා ප‍්‍රමිතියෙන් ඉහළ තත්ත්වයක පවතී.

රාජා වෛද්‍යසේකර – අම්බලන්තොට අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment