කුඩා දරුවන් අතර දියවැඩියාව ශීඝ්‍ර පැතිරීමක්

447

මෙරට කුඩා දරුවන් අතර දියවැඩියා රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, දැනටමත් දියවැඩියා රෝගයට ගොදුරු වූ වයස අවුරුදු 14 ට අඩු දරුවන් 100 කට අධික පිරිසක් වසරකට ප්‍රතිකාර සඳහා ළමා රෝහලට පැමිණෙන බවත් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට පැවසීය.

එසේම ගතවූ වසර පහක කාලය තුළදි දියවැඩියා රෝගයට ගොදුරු වූ දරුවන් 500කට අධික පිරිසක් වාර්තා වන බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ ද කීය.

දරුවන්ට කෙටි කෑම, බිස්කට් වර්ග, පැණි බිම දෙන්න එපා. පුළුවන් තරම් එළවළු, පලතුරු ඇතුළු ස්වභාවික ආහාරවලට හුරු කරවන්න. අනිත් එක දරුවන්ට ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න. ව්‍යායාම කරවන්න. දරුවන් ගෙවල් ඇතුළෙම හිර කරලා තබන්න එපා.

පසුගිය කොවිඩ් කාලයේ දරුවෝ ගෙවල්වල කොටු වෙලා සිටියා. මේ කාලයේ වැඩිපුර ඔය කෙටි කෑම, සීනි සහිත ආහාර ගැනීමෙන් දරුවන් රෝගීන් වුණා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment