කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් දිරිගැන්වීමේ අරමුණෙන් මහජන බැංකුව SPARK ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන නැවත දියත් කරයි

99

තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ හා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක කර්මාන්ත වර්ධනයට සහාය වීමේ අරමුණින් SPARK ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන නැවත දියත් කිරිමට මහජන බැංකුව කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන 2022 වසරේදි පළමු වරට දියත් කළ අතර, යාවත්කාලින කළ සුදුසුකම් සහ වැඩිදියුණු කළ ප්‍රතිලාභ සමඟ යළිත් ක්‍රියාවට නංවා ඇත.

මෙම SPARK ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට අධ්‍යාපන පසුබිම නොසලකමින් වයස අවුරුදු 20-45 අතර නැගී එන ව්‍යවසායකයන්ගෙන් අයදුම්පත් දැන් භාර ගැනේ. මෙම සහභාගිත්ව ප්‍රවේශය නිර්මාණය කර ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය මූලික කරගත් ආර්ථික ක්‍රමවේදය ශක්තිමත් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව පුළුල් පරාසයක විහිදුන ව්‍යාපාරික අදහස් හා නවෝත්පාදන පෝෂණය කිරීම වෙනුවෙනි.

මේ වැඩසටහන සඳහා තෝරාගන්නන්ට තිරසාර හා ශක්තිමත් ව්‍යාපාරික සැලසුම් ගොඩනංවා ගැනීම සඳහා උපකාරී වන පුළුල් මඟපෙන්වීමක් ලැබෙනු ඇත. මේ මූලික අදියරෙන් පසු සිය ව්‍යාපාර දැක්ම සැබෑවක් බවට පත් කරගැනීමට සහයක් වන සහනදායී අනුපාත මත ව්‍යාපාරික ණය සඳහා ඔවුන් සුදුසුකම් ලබති. රුපියල් 500,000ක් දක්වා 7%ක වාර්ෂික පොලී අනුපාතයට ණය ලබාගත හැකි අතර, මිලියනයක් දක්වා ණය මුදල් 10%ක පොලී අනුපාතයට පිරිනමනු ඇත. ඉහළ ණය ප්‍රමාණ සඳහා විශේෂ සහනදායී පොලී අනුපාත පිරිනැමේ.

advertistmentadvertistment
advertistmentadvertistment