කුඩුවලින් කුඩුවෙන කූඩු…. අබ්ලික්‌ Story

582

තමුසෙ ඔය දහදුරා වැඬේ නතර කළේ නැත්නම් මං ළමයි දෙන්නත් එක්ක යනවා මහගෙදර. තමුසෙ කුඞ්ඩෙක් කියලා දැනගෙන හිටියනම් මං තමුසෙව කීයටවත් කසාද බ`දින්නෙ නැහැ.

 නදීකා දෙස් දෙවොල් තිය තිය පියසිරිට බැණ වැදුණා. නදීකා පදිංචි වෙලා හිටියෙ මෝදර පැත්තෙ මහල් නිවාසයක. නදීකගෙ සැමියා පියසිරිට ස්ථිර රැකියාවක් තිබුණෙ නැහැ. මේ දෙන්නට පුංචි දරුවො දෙන්නෙක් හිටියා.

 පියසිරි හෙරොයින් පානයට ඇබ්බැහි වෙලා හිටියෙ මීට වසර දහයකට විතර උඩදී. හෙරොයින් පානය කරනවා විතරක් නෙවෙයි පියසිරි සුළු පරිමාණෙන් හෙරොයින් විකිණුවා. මේ පවුල ජීවිතේ ගැට ගහන්නෙ පියසිරි හෙරොයින් විකුණලා ගත්ත මුදල් වලින්.

 නදීකා බොහොම සුන්දර රූප සම්පත්තියක් තියෙන කාන්තාවක්. මුළු මහල් නිවාස සංකීර්ණයේම හිටියෙ නැහැ නදීකා වගේ රූප සම්පත්තියක් තියෙන කාන්තාවක්. පියසිරිගෙ හෙරොයින් ජාවාරමට නදීකා තදින්ම විරුද්ධ වෙලා හිටියෙ. මීට අවුරුදු දෙකකට විතර උඩදී පියසිරි හෙරොයින් එක්ක පොලිස් අත්අඩංගුවට පත්වුණා. අන්තිමේදී එයා අවුරුදු එකහමාරකට හිරේ ගියා.

 දැන් නදීකයි ළමයි දෙන්නයි නන්නත්තාර වෙලා. ජීවත් වෙන්න විදිහක් නැහැ. ළමයි දෙන්නට කන්න දෙන්නවත් නදීකා අතේ ශත පහක් තිබුණේ නැහැ.

 වික‍්‍රම මේ තට්ටු නිවාසෙම පදිංචි විවාහකයෙක්. වික‍්‍රමටත් දරු දෙන්නෙක් හිටිය. වික‍්‍රම රැකියාව විදිහට කළේ සල්ලි පොලියට දෙන එක. වික‍්‍රම අත දිග ඇරලා සල්ලි වියදම් කරලා බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගතකළා.

 නදීකාට අත්වෙලා තියෙන ඉරණම ගැන වික‍්‍රම හිටියෙ බොහොම කලකිරීමෙන්. ඒ වික‍්‍රම නදීකා කෙරෙහි තිබිච්ච උනන්දුව නිසයි.

 ඔයා කිසි දේකට බය වෙන්න එපා. මං ඔයාවයි ළමයි දෙන්නවයි බලාගන්නම්, මට දුකයි ඔයා ගැන…. වික‍්‍රම නදීකාට කිව්වා. අන්ත අසරණ වෙලා හිටිය නදීකාට වික‍්‍රමව පෙනුනෙ ඉටුදෙවියෙක් වගෙයි. එදා ඉඳලා වික‍්‍රම නදීකාගෙ දුකසැප හොයලා බැලූවා. දරුවො දෙන්නා වෙනුවෙන් හැම වියදමක්ම කළා. ඒ වෙනකොට නදීකයි වික‍්‍රමයි අතරේ අනියම් සම්බන්ධයක් ගොඩනැ`ගිලා තිබුණා.

 දැන් වික‍්‍රම එයාගෙ නීත්‍යානුකූල බිරිඳගෙ විතරක් නෙවෙයි නදීකගෙත් සියලූම අවශ්‍යතාවන් ඉටුකරන්න පටන් ගත්තා. මහල් නිවාස සංකීර්ණයේ පවුල් දෙකක් වික‍්‍රම නඩත්තු කරනවා.

 වික‍්‍රමට පිං සිද්ධවෙන්න නදීකත් දරුවො දෙන්නත් දැන් ලස්සනට කාලා ඇඳලා ඉන්නවා. මේ ආදර පලහිලව්ව ගැන ඒ වෙනකොට වික‍්‍රමගෙ නීත්‍යානුකූල බිරිඳගෙ කනවැකිලා තිබුණා. වික‍්‍රමටයි නදීකටයි එරෙහිව එයා යුද ප‍්‍රකාශ කළා. ඒත් වික‍්‍රමගෙ මුදල් බලය ඉදිරියේ ඒ හැම සටනකින්ම ඇය පරාජය වුණා.

 අවුරුදු එකහමාරකට පස්සේ පියසිරි හිරෙන් නිදහස් වෙලා ගෙදර ආවා. ඒත් ඒ වෙනකොට නදීකා වෙන අතක් බලාගෙන. නදීකා පියසිරි හතර මායිමට වද්ද ගත්තෙ නැහැ.

 තමුසෙ දැන් ආව අතක් බලාගෙන යනවා. කුඩුකාරයෙක් එක්ක මට තවත් පවුල් කන්න වුවමනාවක් නැහැ. මං ගැනයි දරුවො දෙන්න ගැනයි බලන්න මිනිහෙක් ඉන්නවා.

 නදීකා එහෙම කියලා පියසිරිව ගෙදරින් පන්න ගත්තා. දැන් පියසිරි නන්නත්තාරයි. කරකියා ගන්න දෙයක් නැතිව පියසිරි දන්න අ`දුනන යාළුවන්ගෙ ගෙවල්වල ලගින්න පටන් ගත්තා. ජීවත් වෙන්න විදිහක් තිබුණෙ නැති නිසා යාළුවෙක්ගෙන් ඉල්ල ගත්ත ත‍්‍රීවිලර් එකක් හයර් කරලා මුදල් උපයන්න පටන් ගත්තා.

 ඒ අතරේ පියසිරි මත්ද්‍රව්‍ය ජාවාරමත් කරගෙන  ගියා. ටික කාලයක් යද්දී පියසිරිගෙ ආදායම හොඳ වෙන්න ගත්තා. දැන් පියසිරිට යහමින් සල්ලි තියෙනවා.

 දවසක් වික‍්‍රමගේ බිරිඳ කුලී ගමනක් යන්න පියසිරිගෙ ති‍්‍රරෝද රථයට ගොඩවුණා.

 නංගියේ උඹේ මිනිහා මට කළේ මහා ජරා වැඩක්. මං හිරේ ඉඳලා එන ටිකට වූ මගේ ගෑනිවයි ළමයි දෙන්නවයි උගේ කරගත්තා. මං දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ. පියසිරි වික‍්‍රමගෙ බිරිඳට කිව්වා.

 අයියා කියන්නෙ ඌ දැන් මට සලකන්නෙ නැහැ. මමයි මගේ දරුවො දෙන්නයි දැන් අපා දුක් විඳිනවා. අපේ වියදමටවත් හරියට සල්ලි දෙන්නෙ නැහැ.

 වික‍්‍රමගෙ බිරිඳ ඇයට අත්වෙලා තියෙන ඉරණම ගැන පියසිරිට කිව්වෙ හැඬූ කඳුළෙන්. ඒ කතාව අහලා පියසිරිගෙ හදවත උණුවුණා.

 නංගියේ උඹ බයවෙන්න එපා. මට දැන් ඕනෙ තරම් සල්ලි තියෙනවා. මට උඹයි ළමයි දෙන්නයි වැඩි නැහැ. මං උඹලව බලාගන්නම්.

 පියසිරි එහෙම කියලා වික‍්‍රමගෙ පවුලයි ළමයි දෙන්නවයි භාරගත්තා. අන්තිමේදී පියසිරි වෙනම

 ගෙයක් අරගෙන වික‍්‍රමගෙ බිරිඳයි දරුවො දෙන්නයි කැන්දගෙන ගියා.

 වික‍්‍රම පියසිරිගෙ පවුල නදීකායි එයාගෙ දරුවො දෙන්නයි එක්ක වෙනම ජීවිතයක් ආරම්භ කළා.

 අබුද්ධස්ස කාළේ මෙහෙම දේවලූත් අපේ සමාජයේ සිද්ධ වෙනවා.

 රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment