‘කුඩු ආශාගේ’ කෝටි 4 සැක විදියට හෙල්ලෙයි; පරීක්‍ෂණයක් ඇරැඹූ බව සීඅයිඩිය අධිකරණයට කියයි

304

අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ඥාති සහෝදරියක වන ‘‘කුඩු ආශා’’ නමැත්තියගේ බැංකු ගිණුම් තුනක තිබූ රුපියල් කෝටි 4 කට අධික මුදලක් සැක සහිත ලෙස සංසරණය වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය ගම්පහ මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

‘‘කුඩු ආශා’’ හෙවත් ගිරිහාගම හතුරුසිංහ ඩිල්හානි ප‍්‍රියදර්ශනී හතුරුසිංහ නමැත්තිය අතුරුගිරිය ප‍්‍රදේශයේ සහ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකු තුනක මෙම ගිණුම් පවත්වාගෙන ගොස් ඇතැයි ද එම මුදල් 2019 සහ 2020 යන වර්ෂ දෙකක කාලයේ මුදල් සංසරණය වී ඇතැයි මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ වාර්තාවක් මගින් තහවුරු වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

දැනට සිදුකර තිබෙන විමර්ශනවලට අනුව සැකකාරිය හෝ ඇයගේ පවුලේ සමීපතමයින්ට මෙම මුදල් පරම්පරාවෙන් හෝ නීත්‍යානුකූලව උපයාගත් චංචල හෝ නිශ්චල දේපල ආදායම් නොවන බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා තිබේ.

සැකකාරියට අයත් බැංකු ගිණුම්වලින් 2019 වසරේ රුපියල් දෙකෝටි විසිහත්ලක්‍ෂ පනස් නවදහස් එකසිය පනහක (22,759,150* මුදලක්ද 2020 වසරේ දී රුපියල් දෙකෝටි එක්ලක්‍ෂ දහඅටදහස් නවසිය හැටක (20,118,960* මුදලක්ද තැන්පත් කර ඇත. මුදල් තැන්පත් කිරීම, ආපසු ලබා ගැනීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment