කුඩු රියැදුරන් අල්ලන්න ගැජට් එක එයි – වාහන අනතුරුවලින් දිනකට අටක් මරුට

211

මත්ද්‍රව්‍ය භාවිත කර මහා මාර්ගයේ රිය ධාවනය කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන නවීන තාක්‍ෂණික උපකරණ සියල්ල මේවනවිට ගෙන්වා ඇති අතර ඉදිරි දිනවලදී එම උපකරණ යොදාගෙන වැටලීම් ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැටලීම් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා ඇත.

දෛනිකව සිදුවන රථ වාහන අනතුරු වලින් පුද්ගලයන් 8 දෙනකු පමණ මියයන අතර ඉන් 4 දෙනකු හෝ 5දෙනකු මියයන්නේ යතුරුපැදි අනතුරු වලින් බව පොලිස් රථවාහන අංශය පවසයි.

මෙම අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයන් නිසා සිදුවන අතර එය අවම කර ගැනීම සඳහා මෙම නවීන තාක්‍ෂණ උපකරණ සමඟ වැටලීම් ආරම්භ කරන බවද රථ වාහන අංශය කියා සිටියි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment