කුඩු සළිඳුගේ සහයකයෙක් අල්ලයි

131

ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක්වන පානදුරේ සළිඳුගේ මත්කුඩු කේතුමතී රෝහලේ ගිලන් රථයෙන් ප්‍රවාහනය කිරීමට සහයදුන් ගිලන් රථ සහයකයෙක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පයාගල පොතුවිල පාරේ පදිංචිකරුවෙක් වන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්කුඩු තොග ගිලන් රථයෙන් රැගෙන ගිය අයුරු හෙළිකර තිබේ.

ගිලන් රථ රියදුරුට මෙම ඡාවාරමට සහය දීම වෙනුවෙන් වරකට රුපියල් ලක්ෂය දෙක වශයෙන් මුදල් තමාට ලැබුණු බව සැකකරු ප්‍රශ්න කිරීම්වලදී සදහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment