කුමන්ත්‍රණයක් ගැන මන්ත්‍රී වෙල්ගමගෙන් ජනපතිට ලිපියක්

569


පොදු ජනතාවගේ දැඩි විරෝධයට ලක් වූවන් නැවත ඇමැති මණ්ඩලයට පත් කරන ලෙස බලපෑම් එල්ල වීම බරපතළ කුමන්ත්‍රණයක් විය හැකි බවත් එබැවින් ජනාධිපතිවරයා අදහස් කර ඇති ආර්ථික, දේශපාලනික හා සමාජමය වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර ඇත.
ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක වීමෙන් සිදුවන හානිය පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණ ඇති කෙනෙකු හෝ කිහිප දෙනෙකු ඒ මහතා සම්බන්ධයෙන් අප්‍රසාදය ඇති කර නැවත බලය ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර තිබිය හැකි බවත් එකී ලිපියෙහි දැක්වේ.
එබැවින් ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිසකට වරප්‍රසාද හෝ රැකවරණ ලබාදී අප්‍රසාදයට ලක් නොවිය යුතු බවත් එවැනි පිරිස් පත්කිරීම ජනතාව මෙන්ම පාර්ලිමේන්තු බහුතර මංත්‍රීවරු විරුද්ධ බවත් නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.
එසේම නීතියේ ආධිපත්‍ය තහවුරු කර ඕනෑම තරා තරමේ අයකුට වුවද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එහි තවදුරටත් සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment