කුමනේ ගංජා ගුවනින් නාවින්න ආයුර්වේදයට

624

පානම පොලිස් වසමේ කුමන රක්ෂිතයේ හොර රහසේ පවත්වාගෙන ගිය අක්කර හතරක ගංජා හේනක් වැටලූ විශේෂ කාර්ය බළකාය, ගංජා ගස් කිලෝ පන්දහස් අටසීයකට ආසන්න ප‍්‍රමාණයක් පොලිස් භාරයට ගෙන පොතුවිල් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මත ඖෂධ නිෂ්පාදනය සඳහා නාවින්න ශී‍්‍ර ලංකා ආයුර්වේද සංස්ථාව වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

ගුවන් හමුදා බුද්ධි අංශ මගින් ලබාදුන් තොරතුරක් මත කුමන රක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමක් මගින් මෙම වැටලීම කළ බව විශේෂ කාර්ය බළකාය කියයි.

කුමනේ ගංජා ගුවනින් නාවින්න ආයුර්වේදයට

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ අම්පාර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම යටතේ පොතුවිල් ප‍්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි එස්. ඞී. බන්දුසිරි මහතාගේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බළකාය සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල්, ශාස්ත‍්‍රවේලි යන කඳවුරු ඒකාබද්ධව ගුවන් හමුදාවේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කර තිබේ.

ගංජා හේන වැටලීමෙන් පසු අක්කර හතරක කිලෝ පන්දහස් අටසීයකට ආසන්න බර ගංජා ගස් තොගය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මගින් ගමන් වාර හයකින් කිලෝමීටර් 17 ක් දුර ගෙවා ශාස්ත‍්‍රවෙල්ලි ප‍්‍රදේශයට රැුගෙන එනු ලැබීය.

මෙයට පෙර 2021 වසරේදී විවිධ ස්ථානවලදී වැටලීම් සිදු කර පොලිස් භාරයට ගත් ගංජා ඖෂධ නිෂ්පාදනය සඳහා නාවින්න ආයුර්වේද සංස්ථාව වෙත ලබාදී ඇත. ගංජා කිලෝ 3667 ක පමණ ප‍්‍රමාණයක් මින් පෙර ලබාදී ඇතැයි විශේෂ කාර්ය බළකාය කියයි.

ඇන්ටන් ප‍්‍රනාන්දු, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment