කුමාර රණේපුර අභාවප‍්‍රාප්ත වෙයි

887

චිත‍්‍රපට සටන් නළුවකු මෙන්ම ටෙලි නාට්‍ය නළුවකු වූ කුමාර රණේපුර මහතා ඊයේ (10 දා) අභාවප‍්‍රාප්ත විය.

යතුරුපැදි අනතුරකින් පසු එක්තැන් වූ ඒ මහතා රාජගිරිය, කලපළුවාව සිය සොයුරියකගේ නිවසේදී අභාවප‍්‍රාප්ත වී තිබේ.

කුමාර රණේපුර මහතා මියයන විට 61 හැවිරිදි වියේ පසුවූ අතර එක් දියණියකගේ දයාබර පියාණන්ද වූහ. ‘ජොලි හලෝ’, ‘ගෝරි’, ‘කළු සුදු මල්’, ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ ඇතුළු චිත‍්‍රපටි ගණනාවකටම ඔහු සිය රංගනයෙන් දායක වී තිබේ. එමෙන්ම ඔහු ‘පබා’, ‘සවීණා’, ‘කෝපි කඬේ’, ‘නෝනාවරුනි මහත්වරුනි’ ඇතුළු නාට්‍ය රැසකටම රංගන දායකත්වය සපයා ඇත. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(11දා) සවස 6.00ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment