කුමාර වෙල්ගමගේ පක්ෂයෙන් 21කට යෝජනා 10ක්

210

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන යෝජනාව සඳහා තම පක්‍ෂය යෝජනා 10 ක් ලිඛිතව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ බව නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.එම යෝජනා අතර පහත ඒවාද වේ.ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කාර්යයක් අග්‍රාමාත්‍යවරයාට පවරා දීම කළ හැකි අතර මෙම ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ හෝ යම් අමාත්‍යවරයකුට පවරනු නොලැබූ යම්කිසි විෂයයක් හෝ කාර්යයක් අග්‍රාමාත්‍යවරයා භාරයේ තිබිය යුත්තේය. තත්කාර්යය සඳහා අග්‍රාමාත්‍යවරයා භාරයේ තිබිය යුතු අමාත්‍යාංශ සංඛ්‍යාව නිශ්චය කිරීම ද කළ හැක්කේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන තෙක් ක්‍රියා කළ අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව ද දිගටම ක්‍රියා කළ යුතු අතර මහ මැතිවරණය අවසාන වූ විට එසේ ක්‍රියා ිකරීම නතර කළ යුත්තේය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ද 47 වන ව්‍යවස්ථාවේ (2) වන සහ (3) වන අනු ව්‍යවස්ථාවන්හි විධිවිධාන සලසා ඇති පරිදි ධුර දැරීම නතර වුවහොත් මිස දිගටම ක්‍රියා කළ යුත්තේය.පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ අග්‍රාමාත්‍යවරයා මියගියේ වුව ද අස්වූයේ වුව ද අමාත්‍ය මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරුන්ගෙන් සමන්විතව මහ මැතිවරණය අවසාන වනතෙක් ක්‍රියා කරන්නේය. තවද අග්‍රාමාත්‍යවරයාගේ බලතල කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා සහ ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එකී අමාත්‍යවරුන් අතරින් යම් අමාත්‍යවරයකු පත් කරනු ලැබිය යුත්තේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු මියගිය විට ධුරයෙන් ඉවත් කරනු ලැබූ විට හෝ ඉල්ලා අස්වූ විට ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය භාරව කටයුතු කිරීමට හෝ ඒ අමාත්‍යවරයාගේ බලතල කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට වෙනත් කවර හෝ අමාත්‍යවරයකු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය හැක්කේය. නැතහොත් අග්‍රාමාත්‍යවරයා විසින්ම ඒ අමාත්‍යාංශය භාරව කටයුතු කිරීම හෝ ඒ බලතල, කාර්ය හා කර්තව්‍ය අග්‍රාමාත්‍යවරයා විසින්ම ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම කළ හැක්කේය.මීට අමතරව තවත් කරුණු 7කට අදාළ සංශෝධන ඉදිරිපත් කර තිබේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment