කුමාර වෙල්ගම සර්වපාක්ෂික ආණ්ඩුවට

209

සර්ව පාක්ෂික රජය සමග තමා එක්වීමට තීරණය කළ බව නව ලංකා නිදහස් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ‘දිවයින’ට පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති කාර්යාලයේ පෙරේදා (03 වැනිදා) පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බවත් එම සාකච්ඡාවෙන් පසුව තමාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය, සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමේදී ඊට එකතු වීමට තීරණය කළ බවත් ඒ මහතා කීය.

දෙමළ ජාතික සන්ධානය මෙන්ම සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් පක්ෂ ද සර්ව පාක්ෂික රජයකට සහාය ලබාදෙනු ඇතැයි තමා විශ්වාසය කරන බව ද කුමාර වෙල්ගම මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment