කුමුදු පි‍්‍රයංකා මීටර් 100 මූලික වටයෙන් නවතී… 2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල

145

2020 ටෝකියෝ පැරුලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් 100 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකා කුමුදු පි‍්‍රයංකා ඊයේ (31 වැනිදා) උදෑසන තරග බිමට පිවිසියාය. එ් අනුව එහිදී ටී47 කාණ්ඩය යටතේ කාන්තා මීටර් 100 ඉසව්වේ මූලික වටයට තරග වැදුණු ඇයට එහි අට වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට සුදුවූවාය.

කුමුදු පි‍්‍රයංකා මීටර් 100 මූලික වටයෙන් නවතී... 2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල
කුමුදු පි‍්‍රයංකා මීටර් 100 මූලික වටයෙන් නවතී... 2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල

ටී47 කාණ්ඩය යටතේ කාන්තා මීටර් 100 ඉසව්ව මූලික තරග දෙකකින් සමන්විත විය. එහිදී පැවැති පළමු තරගයට කී‍්‍රඩා කළ කුමුදු පි‍්‍රයංකා තරගය නිමා කිරීම සඳහා වාර්තා කළ කාලය තත්පර 13.31ක් ලෙසින් සටහන්විය. එ් අනුව එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව කුමුදු පි‍්‍රයංකාට අහිමි වී ගියාය.

කාන්තා ටී47 මීටර 100 ඉසව්වේ ප‍්‍රියංකා සහභාගි වූ මූලික වටයේ තරගයේදී තත්පර 12.14කින් තරගය නිමා කළ වෙනිසියුලානු කී‍්‍රඩිකා ලෙසිබිල් වේරා හට එහි පළමු ස්ථානය හිමි වූ අතර තත්පර 12.26 කින් තරගය නිමා කළ ඇමෙරිකානු කී‍්‍රඩිකා ඬේජා යං හට එහි දෙවැනි ස්ථානය හිමි වූවාය.

කෙසේ වෙතත් කුමුදු පි‍්‍රයංකාට මෙවර ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ තවත් තරග ඉසව්වක් ඉතිරිව ඇති අතර එ් අනුව එහිදී ඇය ලබන 03 වැනිදා ටී47 කාණ්ඩයේ කාන්තා දුර පැනීමේ ඉසව්වට සහභාගි වීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment