කුඹුක්කන් ඔයට පියා සහ දියණිය බිලි

71

පොලොන්නරුව තඹාල ප්‍රදේශය හරහා ගලා බසින කුඹුක්කන්ආර ඔයට වැටී දියණියක සහ පියෙකු ගසාගෙන ගොස් ඇති අතර පැය පහක මෙහෙයුමකින් අනතුරුව පියාගේ මෘත දේහය සොයා ගත් අතර දියෙහි ගිලී ගසාගෙන ගොස් ඇති එම දියණිය තවමත් සොයමින් පවතී.

උදෑසන 10.00 ට පමණ එම ඔය බැලීමට ගොස් ඇති අතර දියණිය පළමුව ජලයට වැටී ඇති බව පැවසෙන අතර ඇය ගැනීම සඳහා පියා ද ජලයට පැන ඇති අතර එහිදී දෙදෙනාම ගසාගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙසේ ජලයේ ගසාගෙන ගොස් මේ වන විට අතුරුදන් වී ඇත්තේ අංක 115 තඹාල, පොලොන්නරුව ලිපිනයෙහි පදිංචි බෙශයනි පාරිස්තා (12) හැවිරිදි දියණිය සහ පියා වන 46 හැවිරිදි ඒ. එල්. සහජාන් නමැති ගුරුවරයකු බව පරීක්ෂණය සිදුකරන පුලස්තිපුර පොලිසිය සඳහන් කරයි.

දැරිය 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇය පවුලේ දෙවැනි දරුවාය. පියා පොලොන්නරුව පුදුර් අල් සෆා මහා විද්‍යාලයේ ගුරුවරයෙකි. පුලස්තිපුර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

අරගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment