කුඹුරු අක්කර 60,000ක් පුරන් වෙනවා- වන්දි සහ පොහොර නැත්නම් ගොවිජන මධ්‍යස්ථාන වටලනවා

163

පරාක්‍රම සමුද්‍රය සහ පොලොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධාන සභාපති ජගත් අරුණ කීර්ති


රජය මේ වනවිට පෙරොන්දු වී ඇති පරිදි ගොවීන්ට වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර, කෘෂි රසායන සහ වන්දි මුදල් මේ මස අවසන් වීමට පෙර ලබාදීමට කටයුතු නොකළහොත් ගොවි ජනතාව සමඟ එක්ව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වැටලීමට පියවර ගන්නා බව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති සහ පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ඊයේ (23 දා) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.රජය මේ යෙදවුම් ඉතා කඩිනමින් ලබාදෙන බවට පොරොන්දු වුණත්, එය මෙතෙක් ඉටු නොකිරීම නිසා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් මෙවර යල කන්නයේ කුඹුරු අක්කර 60,000 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට පුරන් වෙමින් තිබෙන බව ඒ මහතා කීය.ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා මේ බව කියා සිටියේ මෙවර යල කන්නයේ බොහෝ ගොවීන් මෙතෙක් තම කුඹුරුවල වී වගා කටයුතු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment