කුඹුරු 15% ක ගොයම කහ ගැහිලා අක්කරයකට ලක්‍ෂය බැගින් වන්දි ඕනෑ – නාමල් කරුණාරත්න

135

මෙරට වී වගා කළ රට පුරා කුඹුරු අක්කර ලක්‍ෂ 20 න් 15% ක ප්‍රමාණයක් ගොයම කහ පැහැ ගැන්වීමේ රෝගයට ගොදුරුව විනාශ වී ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) ප්‍රකාශ කළේය.

රජය විසින් ආනයනය කර ගොවියාට ලබා දුන් කාබනික නැනෝ පොහොර යෙදීමෙන් ගොවියාට මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වී ඇති බවත් ඒ බැවින් ඒ වෙනුවෙන් වන්දි ලෙස අක්කරයකට රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment