කුඹුරේ වී කෑවැයි උරණ වූ කුඹුරු හිමියා වස දී කුකුළන් මරා දමලා

132

කුකුලන් රංචුවක් යාපනයේ මනිපායි ආනේකෝට්ටේ බගුතායි ප්‍රදේශයේ කුඹුරකට ගොස් වී කෑම නිසා උරණ වූ කුඹුරු හිමියෙකු කුකුලන් 36 දෙනෙකු මරා දමා තිබේ.

කුඹුරු හිමියා මෙම කුකුළන් මරා දමා ඇත්තේ කිසියම් විෂ ද්‍රව්‍යයක් කුකුලන්ට කෑමට දීමෙන් බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර කුකුලන් කුඹුරේම තැනින් තැන වැටී මියගොස් ඇති අන්දම පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකි වී තිබේ.

කුකුළු ගොවිපොළක හිමි කරුවකු විසින් යාපනයේ මනිපායී පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment