කුරුණෑගල ‘ඩෙල්ටා’ අවදානම ඉහළට

971

කොවිඞ් වසංගතයේ ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය කුරුණෑගල දිස්ත‍්‍රික්කය පුරා ශීඝ‍්‍රයෙන් පැතිරයෑමේ අවදානමක් තිබෙන බව කුරුණෑගල පළාත් මහ රෝහලින් ‘දිවයින’ ට වාර්තා විය.

කුරුණෑගල පළාත් මහ රෝහලේ කොවිඞ් ආසාදනය වී ප‍්‍රතිකාර ලබන රෝගීන්

250 – 300 අතර සංඛ්‍යාවක් ඔවුන් සඳහාම විශේෂිත වූ වාට්ටු අටක ප‍්‍රතිකාර ලබන අතර ආසාදිත ගැබිනියන් සඳහාම වෙන්වූ වාට්ටුවට අමතරව පෙර සූදානමක් සේ තවත් වාට්ටුවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව තොරතුරු අනාවරණය විය. නිකවැරටිය මූලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින කොවිඞ් ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබාගත් නියැදි පරීක්ෂාවෙන් ලද දත්ත අනුව සියයට සියයක්ම ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ආසාදනය වී ඇති බව නිකවැරටිය මූලික රෝහලේ අධිකාරී වෛද්‍ය පමිල අධිකාරි මහතා පැවසීය. මේ අනුව දිවයිනේ පළාත් හතක නියැදි පරීක්ෂාවේදී කොරෝනා වයිරසයේ ප‍්‍රභේදයක් වන ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය මෙරට ශීඝ‍්‍රයෙන් පැතිරයන බවට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ දත්ත අනුව නිගමනය වී ඇත.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment