කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉවතට – වයඹ ආණ්ඩුකාරගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

229

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇත.

ඔහු ඉවත්කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් 2023 වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත නොකිරීම සහ 2020 වසරේ මහ නගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් ඔහු ධුරයෙන් ඉවත් කළ බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකන බව ද ආණ්ඩුකාරවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සලකා එහි රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පැවරීමට ද ආණ්ඩුකාරවරයා විසින් කටයුතු කර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment