කුරුන්දක විහාරයේ  ඉදිකිරීම් සහ පුරාවිද්‍යා සංරක්ෂණය බැලීමට වගකිවයුත්තෝ නිරීක්ෂණ චාරිකාවක

707

මුලතිව් කුරුදුමලේ පිහිටි කුරුන්දක විහාරයේ ඉදිකිරීම් හා පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා නීතිඥයින් පිරිසක්, පොලිසිය සහ නිලධාරීන් සමග එහි ගොස් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කුරුන්දක විහාරයේ  ඉදිකිරීම් සහ පුරාවිද්‍යා සංරක්ෂණය බැලීමට වගකිවයුත්තෝ නිරීක්ෂණ චාරිකාවක

මුලතිව් පොලිසිය විසින් මුලතිව් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් කුරුදුමලේ විහාරස්ථානයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යෑමේදී ප්‍රශ්න රැසක් පැන නැගිය හැකි බව පෙන්වා දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම ප්‍රදේශයේ සංචාරය කළේය. මේ සංචාරයෙන් පසුව කුරුදුමලේ විහාරස්ථානයේ හා ඒ අවට සිදු කරගෙන යන පුරාවිද්‍යා කැණීම් ඉදිරියටත් කරගෙන යෑම සඳහා අවසර ලබා දී ඇති අතර අලුතින් විහාරස්ථානයේ සිදු කොට ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් නෛතික අයිතියක් ලබා ගන්නා ලෙසටද නියෝග කොට තිබේ.

මේ නියෝගයන් නිසා මීට පෙර මුලතිව් අධිකරණයෙන් නිකුත් කොට තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කෙරෙන නියෝගය බල රහිත කොට අවසන් කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment