කුරුලු උණ මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ අවදානමක්

182

බොලීවියාවෙන් ්‍ය5 කුරුලු උණ වසංගත රැලි දෙකක් වාර්තා වී තිබේ. ඒ ලතින් අමෙරිකානු කලාපයේ කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ය. මේ බොලීවියාවෙන් කුරුලු උණ වසංගතය වාර්තා වූ පළමු අවස්ථාවය.

මෙය බොලීයාවෙන් කුරුලු උණ වසංගතය වාර්තා වූ පළමු අවස්ථාව ද වේ. පළමුවෙන් කුරුලු උණ වාර්තා වී ඇත්තේ එරට සකාබා නගරයේ කුකුළන් 35,000 දෙනකුගෙන් යුතු ගොවිපොළකිනි.

ගෘහස්ථ අවශ්‍යතා වෙනුවෙන් පවත්වාගෙන ගිය තාරාවන්, කුකුළන්, පාත්තයන් වැනි කුරුල්ලන්ගෙන් සමන්විත ගොවිපොළකින් ද කුරුලු උණ වාර්තා වී තිබේ.

වේගයෙන් ව්‍යාප්ත වෙන මෙම කුරුලු උණ වසංගතය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමේ අවදානම ද පවතින බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.

මෙම වසංගත තත්ත්වය හේතුවෙන් කුකුළු නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තවලට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි.

මේ අතර ලතින් අමෙරිකානු කලාපයේ කොලොම්බියාව, මෙක්සිකෝව සහ ඉක්වදෝරය වැනි රටවලින් ද කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment