කුරුලු නාද සංගීත ඇල්බමයක් ඔස්ටේ‍්‍රලියානු සංගීත දර්ශකයේ මුල් ගීත පහ අතරට

498

ඔස්ටේ‍්‍රලියාවේ සංරක්ෂිත දුර්ලභ ඝනයේ කුරුල්ලන්ගේ නාදයන් හා ශබ්ද යොදාගෙන නිපදවූ සංගීත ඇල්බමයක් ප‍්‍රකට ගායක ගායිකාවන්ගේ ගීත අභිබවමින් ප‍්‍රථම වරට ඔස්ටේ‍්‍රලියානු සංගීත දර්ශකයේ හොඳම ගීත පහ අතරට පැමිණ තිබේ. මෙම කුරුල්ලන්ගේ හඬවල් යොදාගෙන නිපදවූ ඇල්බමය ඔස්ටේ‍්‍රලියාවේ ‘ඇරියා’ සංගීත දර්ශකයේ පළමු ගීත පහ අතරට පැමිණ ඇත්තේ ප‍්‍රකට සංගීත කණ්ඩායමක් වන ‘ඇබා’ සංගීත කණ්ඩායමේ ගීතයක් මෙන්ම ප‍්‍රකට ගායකයන් වන මයිකල් බබල් හා මරියා කේරි ගේ ගීත අභිබවමිනි.

ඔස්ටේ‍්‍රලියාවේ ‘බර්ඞ් ලයිෆ්’ නමැති සමාගම විසින් නිපදවා ඇති මෙම කුරුල්ලන්ගේ නාදයන් ඇතුළත් සංගීත ඇල්බමයට ඔස්ටේ‍්‍රලියාවේ වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින කුරුල්ලන් 53 දෙනකුගේ පටිගත කරන ලද නාදයන් ඇතුළත් කර තිබේ. ‘සෝන්ග්ස් ඔෆ් ඞීසපියරන්ස්’ නමින් නම් කර ඇති මෙම කුරුලූ සංගීත ඇල්බමයට අවශ්‍ය කරන කුරුළු නාද පටිගත කර ඇත්තේ එක් නාදයක් නිසි ලෙස පටිගත කිරීම සඳහා පැය ගණනාවක් නොඉවසිල්ලෙන් බලා සිටිමින් බව බර්ඞ් ලයිෆ් සමාගම පවසා තිබේ. මෙම කුරුලූ නාදයන් පටිගත කර ඇති වන ජීවී නාදයන් පටිගත කිරීමේ ශිල්පියෙකු වන ඬේවිඞ් ස්ටුවර්ට් එම කාර්යය සඳහා වසර 30ක කාලයක් ගත කර ඇති බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment