කුරුසය

148

කුරුසියේ ඇණ ගැසීම පෙරදිගට ආවේණික වූ මරණීය දණ්ඩන ක්‍රමයක් බව ද පර්සියානුවන් විසින් එය බටහිරට හඳුන්වා දෙන ලද බව ද ඉතිහාසයේ සඳහන්ය. ඉතිහාසයේ පියා ලෙස සලකන හෙරඩෝටස් සඳහන් කරන පරිදි ක්‍රි.පූ. 519 දී කැරලිකරුවන් තුන්දාහක් බැබිලෝනියාවේදී කුරුසිය මත මරණයට පත්කර තිබේ. රෝමවරු පසුකාලීනව මෙය දඬුවම් ක්‍රමයක් ලෙස පුළුල්ව යොදා ගත්හ. කුරුසියේ මරණය මහත් නින්දාවක් ලෙස ශු. බයිබලයේ පැරණි ගිවිසුමේ ද්විතීය නීති සංග්‍රහයේ 21-23 වගන්තිවල ද නව ගිවිසුමේ ශු. පාවුළු තුන ශාලාපතිවරුන්ට ලියූ ලිපියේ 3.13 ද දැක්වේ.

ජේසු සමිඳුන් මරණයට පත් කිරීමට යොදාගත් කුරුසිය කිතුනු වන්දනාවේ ගෞරවයට පාත්‍රවන්නේ 4 වන සියවසේ සිටය. කොන්ස්තන්තීනු රෝම අධිරාජ්‍යයේ මව වූ හෙලේනා බිසව ජෙරුසෙලමේ කල්වාරිය මතදී ක්‍රි.ව. 318 දී පමණ ජේසු ඇණ ගැසූ කුරුසිය සොයා ගත්තාය. අනතුරුව කුරුස වන්දනාව ප්‍රචලිත වූ බව සිතිය හැකිය.

ශ්‍රී ලංකාව සම්බන්ධව සලකා බලන විට කුරුස වන්දනාව අපට හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මුනිවර ශු. ජුසේවාස් පියතුමාය. එතුමා විසින් ශ්‍රී ලංකාවට කැඳවා ගනු ලැබූ කතෝලික සාහිත්‍යයේ පියා ලෙස මෙරට ජනතාව සලකන ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා 1973 දී කොචින් නුවර රදගුරුතුමාට යැවූ ලිපියක දක්වා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවට එන විට මෙරට ජනතාව දැන සිටියේ කුරුසියේ ලකුණත්, පරමංඩල යැදුමත් පමණක් බවය. කුරුසියේ ලකුණ අප ජනතාවට හුරු කළේ එතුමාය. එහෙත් අනුරාධපුර යුගයේදී ද මෙරට නෙස්ටෝරියන් කිතු දහම ඇදහූ පිරිසක් විසූ බව ද ඔවුන් කුරුසිය භාවිත කළ බව ද අනුරපුර කෞතුකාගාරයෙහි ඇති නෙස්ටෝරියන් පැරණි කුරුසිය සනාථ කරයි. එහෙත් කුරුසිය වඩාත් ප්‍රචලිත වන්නට ඇත්තේ 1505 සිදුවූ මෙරට පෘතුග්‍රීසි

ආගමනයට පසුවය. අද ඇතැම්හු කුරුසිය ආභරණයක තත්ත්වයට හෑල්ලු කර තිබේ. නළු නිළියන්, ගායකයන්, විලාසිතාවක් ලෙස එය පළඳිනු පෙනේ. එහෙත් කුරුසිය එලෙස හෑල්ලු කළ යුතු නොවේ. කුරුසිය මා හට ගැලවීමේ ලකුණකි. විමුක්ති මාර්ගයේ ලක්‍ෂණයකි. සිය කුරුසිය දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ යැයි මතෙව් සුබ වදනේ 10.33 සඳහන්ය! ක්‍රිස්තුනි ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු යැයි කිතුනුවෝ අදත් සිය යැදුමේදී ප්‍රකාශ කරති. ඒ ශ්‍රී කුරුසිය මගින් උන්වහන්සේ ලෝකය ගලවා ගත් නිසාය. ඒ නිසාම කිතුනුවන් සිය යැදුම් කවරක් වුවද ආරම්භ කරන්නේ සිය නළලත මත කුරුසිය සලකුණු කරමිනි. කතෝලික සභාව සැප්තැම්බර් 14 දින ශ්‍රී කුරුසියේ ජයග්‍රහණය සමරයි.

කැලිස්ටස් ජයමාන්න හීන්කෙන්ද

advertistmentadvertistment
advertistmentadvertistment