කුල්දීප් දිල්ලි දිනවයි

153

ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමින් දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් ප්‍රදර්ශනය කළ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබාගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පෙරේදා (28 දා) සමත් විය.

මෙවර අයිපීඑල් තරගාවලියේ 41 වැනි තරගය ලෙසින් මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කල්කටා කණ්ඩායම ලකුණු 146කට සීමා කිරීමට කුල්දීප් ප්‍රමුඛ දිල්ලි පන්දු යවන්නෝ සමත් වූහ.

පන්දු යැවීමෙන් කුල්දීප්ට අනගි සහායක් දැක්වූ මුෂ්ටෆිෂුර් රහමාන් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත් අතර කල්කටා කණ්ඩායම වෙනුවෙන් නිටිෂ් රානා ලකුණු 57ක් සහ ෂෙයාර්ස් අයියර් ලකුණු 42ක් ලබා ගත්හ.

ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය දිල්ලි කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 113කට බිඳ වැටුණ ද රොව්මන් පවෙල් පන්දු 16කදී නොදැවී ලකුණු 33ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූවේය. පවෙල්ට අමතරව ඩේවිඩ් වෝනර් ලකුණු 42ක් ද, අක්සාර් පටෙල් ලකුණු 24ක් ද ලබා ගත්හ. උමේෂ් යාදව් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය කුල්දීප්ට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment