කුලියට ගෑස් පෝලිමේ සිට  ලක්‍ෂ තුනක සිලින්ඩර් විකුණලා

199

ගම්පොලෙන්  පැන්න සැකකරු  පානදුරේදී මාට්ටු

විවිධ පුද්ගලයන්ට ගෑස් රැගෙන දීම සඳහා කුලියට පෝලිම්වල සිටි අයකු එම අයිතිකරුවන්ට වංචා කොට ගෑස් සිලින්ඩර් විසි එකක් විකුණා සැඟව සිටියදී ගම්පොල පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගනෙ ඇත්තf් කහටපිටිය ප්‍රදේශ පදිංචි මොහොමඩ් සෆ්රාස් නමැති අයෙකි. පවතින ගෑස් හිඟය සමග පෝලිම්වල සිටීමට නොහැකි අය මොහුට කුලී ගෙවා ගෑස් සිලින්ඩර ලබාදී පෝලිම්වල සිටිමින් ගෑස් ලබා ගැනීමට උත්සාහ කර ඇත.

මොහු එම කුලිය හා ගෑස් සිලින්ඩර ලබාගෙන පෝලිමේ නොසිට අධික මිලකට එම ගෑස් සිලින්ඩර විකුණා ගම්පොලින් පානදුර ප්‍රදේශයට ගොස් සැඟවී සිට ඇත

ගෑස් සිලින්ඩර නැතිවීම සම්බන්ධයෙන් ගම්පොල පොලිසිය වෙත පැමිණිලි 11 ක් ලැබී ඇති අතර වෙළෙඳසැල් හා හෝටල් හිමියන් පවා ඔහුට රැවටී ඇත.

හෝටල් හිමියෙකු ලබාදුන් ගෑස් සිලින්ඩර පහක් රුපියල් පනස් හතර දහසකට විකුණා තිබිය දී පොලිසිය සොයාගෙන ඇති අතර මුළු සිලින්ඩර තොගය රුපියල් ලක්ෂ තුනකට පමණ විකුණ ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇත.

මොහු මේ ආකාරයට කුලියට ලබා දෙන වෑල්ඩින් ප්ලාන්ට් ග්‍රයින්ඩර් ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය ද ලබාගෙන ඒවා ද විකුණා ඇති බව පොලිසිය සඳහන් කරයි.

ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති එච්. එස්. එම්. එම්. යාලේගම පොලිස් සැරයන් (42578) ආරියතිලක, පොලිස් කොස්තාපල් (79375) චින්තක යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment