කුලියාපිටියේ රැඳවුම් ළමා නිවාසයක දැරියන් 36කට කොරෝනා

136

කුලියාපිටිය අධිකරණය මඟින් පාලනය වන රැදවුම් ළමා නිවාසයේ සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවකට අනුව දැරියන් 36 දෙනකු ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් එම පරිශ‍්‍රයට ගොස් රෝග ලක්‍ෂණ සහිත දැරියන් 46 දෙනකු වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාව අනුව එසේ 36 දෙනකු ආසාදිතයින් ලෙස හ`දුනාගෙන තිබිණ.

උණ රෝගය වැල`දී තිබූ දැරියන් 7 දෙනකු කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල පරිශ‍්‍රයේ පැවැති පරීක්‍ෂාවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සියලූම දැරියන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමෙන් පසු එසේ ඇන්ටිජන් පරීක්‍ෂාවකට ලක්කර ඇත. එමෙන්ම සෙසු දැරියන් හා පරිවාස නිලධාරීන් මෙන්ම නිවාස මාතාවන් ද පී.සී.ආර්. පරීක්‍ෂාවකට ලක් කිරීමටත් එහිදී සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබිණ. කෙසේ වෙතත් වෛරසය ළමා නිවාසය තුළට කෙසේ පැමිණ ඇත්දැයි මේ වනවිටත් පරීක්‍ෂණ පවත්වයි. සෞඛ්‍ය වෛද්‍ය නිමල් ජයතිලක, සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වන සංජය වන්නිනායක, කුෂාන් පෙරේරා, චමල් කල්පන යන මහත්වරුන් එම පරීක්‍ෂාවන් සිදු කළ අතර වෛරසය කෙසේ නිවාස ගත වූවාද යන්න උප පොලිස් පරීක්‍ෂක දිසානායක මහතාද පරීක්‍ෂණ සඳහා එක්ව සිටී.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment