කුලියාපිටියේ  විශේෂඥ වෛද්‍යවරයා  පාපැදියෙන් රෝහලට එයි

876

රෝගී ජනතාව වෙනුවෙන් තම සේවාව බාධක මැද හෝ සිදුකිරීම මේ මොහොතේ අවශ්‍යතාවයක් බැව් කියමින් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගාමිණී අබේසිංහ මහතා පාපැදියකින් දිගු ඉන්ධන පෝළිම් පසුකරමින් රෝගී සත්කාරක සේවයට යන අයුරු දැකගන්නට ලැබුණි.

එහි දී ඒ පිළිබඳව කළ විමසීමේ දී ඒ මහතා පැවසුවේ තෙල් හිඟය පවත්නා පසුබිමක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉන්ධන ඉල්ලා සිටින්නේ රෝගීන්ගේ යහපත වෙනුවෙන් බවය. එහෙත් ඉන්ධන ලබා ගැනීමට පැමිණීමේ දී වෙනත් පාර්ශ්වවල දෝෂදර්ශනයට ලක්වනවා පමණක් නොව ඇතැම් පිරිස් පරුෂවචනයෙන් පවා බැණ වදින බැවින් තමන් හැකි පරිදි මෙසේ පාපැදියෙන් යන බව ද ඔහු කීවේය. එවිට කිසිදු ගැටලුවකට මුහුණ පෑමට සිදු නොවන බව ද ඔහු කීවේය.

තෙල් අර්බුදය නිමවන තෙක් මෙසේ තම පාපැදියෙන් රෝහල් සේවයට ගමන් කරන බවත් එය තමන්ට මදිපුංචිකමක් ලෙස නොහැඟෙන බවත් පැවසූ ඒ මහතා සෞඛ්‍ය සේවයට ඉන්ධන ලබාදීමේ ප්‍රමුඛතාවය මත රෝගී ජීවිත පිළිබඳ තීරණය විය හැකි බව ද පැවසීය.

ඉන්ධන හලෙන් සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදීම පිළිබඳ විමසා බැලීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පාපැදියෙන් පැමිණ තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment