කුලී ත්‍රිරෝද රථ රියැදුරු  4 වැනි මහලෙන් පැන දිවිනසාගෙන – ඉන්ධන නැතිව මහත්තයා කලකිරීමෙන් හිටියා

186

බිරිඳ සාක්‍ෂි දෙයි

ඉන්ධන අර්බුදය නිසා තම ත්‍රිරෝදයෙන් කුලී ගමනක් යෑමට පවා නෙැහිකව නිවසේ සිටි තිදරු පියකු කොළඹ කෙසෙල්වත්ත කුමාර දොරටුව රජයේ මහල් නිවාස සංකීර්ණයේ 4 වැනි මහලින් පැන දිවිනසා ගැනීමේ පුවතක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේදී අනාවරණය විය.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කොළඹ 12, කුමාර දොරටුව පදිංචිව සිටි සාහුල් හමීඩ් මොහොමඩ් සෆීර් නමැති 62 හැවිරිදි අයෙකි.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවති අතර, එහිදී සාක්‍ෂි දුන් මියගිය අයගේ බිරිඳ වන තිනාරුල් නස්රියා (58) යන අය මෙසේ පැවසුවාය. මියගොස් සිටින්නේ මගේ සැමියා. විවාහයෙන් අපිට දරුවන් තුන්දෙනෙක් සිටිනවා. සැමියා

රැකියාව වශයෙන් කළේ ත්‍රිරෝද රථ රැකියාව. අපි පදිංචිවෙලා ඉන්නේ කොළඹ කුමාර දොරටුව රජයේ මහල් නිවාස සංකීර්ණයේ 4 වැනි තට්ටුවේ.

මේ දවස්වල ආර්ථික ප්‍රශ්න නිසාත් ඉන්ධන නැති නිසාත් ත්‍රිරෝද රථය දිව්වේ නැහැ. මේ සිද්ධිය වූ දවසේ මාත් දුවලා දෙන්නත් ගෙදර හිටියා. එකපාරට දුව කෑගැහුවා. ඒ සද්දෙට ගිහින් බලනවිට මහත්තයා පාරේ බිම වැටිලා සිටියා. ඊට පස්සේ අපි එයාව කොළඹ ජාතික රෝහලට අරගෙන ආවා. කොළඹ අධිකරණ වෛi නිලධාරි එම්. ඒ. රුහුල් හක් මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛi වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂකවරයා මෙම මරණය සියදිවි නසා ගැනීමක් බවට නිගමනය කළේය. කෙසෙල්වත්ත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක චාමික සහ මරදාන පොලිසියේ පොලිස් සැරයන් කොඩිතුවක්කු (48740) යන නිලධාරීන් දෙදෙනා මෙහිදී සාක්‍ෂි දුන්හ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment