කුවින්ග්ඩාඕ චීන සමාගමේ දේශීය නියෝජිතට වාරණ නියෝගයක්

441

සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් කුවින්ග්ඩාඕ චීන සමාගමට එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් ඉකුත් 22 වැනිදා වාරණ නියෝගයක් ගෙන ඇත.

මෙම වාරණ නියෝගය මගින් චීන සමාගම වන කුවින්ග්ඩාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පනි වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් සිදු කිරීමට නොහැකි වේ.

එම චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිඳු ගෙවීමක් ලබාගැනීම ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගය නිකුත් කෙරිණ. රජයේ අධිනීතිඥ ශෙහාන් සොයිසාල ආචාර්ය චාරුක ඒකනායකල නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි මහතා ලංකා පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment