කුවේටය වැට්ටවූ ශ‍්‍රී ලංකා යෞවනයෝ දැවැන්ත ජයක් ලබති

370

ආසියානු කුසලාන යොවුන් ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහ කුවේටය අතර ඊයේ (23 වැනිදා) පැවති තරගයෙන් ලකුණු 274 ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබාගැනීමට ශ‍්‍රී ලංකා යෞවනයෝ සමත් වූහ.

ශ‍්‍රී ලංකාව මෙවර තරගාවලිය යටතේ සහභාගි වූ පළමු තරගය එය වූ අතර එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 5ක් දැවී ලකුණු 323 ක් ලබා ගත් අතර කුවේට් කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලූ දෙනා දැවී ලකුණු 49 ක් පමණි.

ජයග‍්‍රහණ සඳහා ලකුණු 324 ක් හඹා ගිය කුවේට් ක‍්‍රීඩකයන් සියලූ දෙනාම පන්දු වාර 17 යි පන්දු තුනක් තුළ දී දවා ගැනීමට ශ‍්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ප‍්‍රමුඛ පන්දු යවන්නෝ සමත් වූහ. තරගය තුළ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයන්ට පන්දු නවයක් පමණක් යොමු කළ ශ‍්‍රී ලංකා නායකයා එම පන්දු නමයෙන් පන්දු හතරකින්ම කඩුලූ දවා ගැනීමට සමත් වූයේය.

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දැඩි ග‍්‍රහණයට හසු වූ කුවේට් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූයේ ආරම්භක පිතිකරු යුගලය පමණි. ඔවුන් දෙදෙනා ලකුණු 25 සහ 12 බැගින් රැුස්කළ අතර ඊළඟට වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු තුනක් රැුස්කළ අංක 4 පිතිකරුවා විය. කුවේට් පිතිකරුවන් පස්දෙනෙක්ගේ නම ඉදිරියේ ලකුණු බින්දුව සටහන් කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයන්ට තරගය පුරාම ලබා දී තිබුණේ හතරේ පහර හතරක් සහ එක් 6 පහරක් පමණි. එම දස්කම ද කර තිබුණේ කණ්ඩායමේ නායක සහ ආරම්භක පිතිකරු මීට් භාව්සර් පමණි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් මෙම තරගය තුළදී අර්ධ ශතක හතරක් පමණ රැුස්කර ගැනීමට සමත් වූ අතර පවන් පතිරාජ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 88 ක් ලබාගෙන තරගයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේය. පන්දු හැත්තෑ දෙකක් තුළ පවන් ලැබූ ලකුණු 86ට හතරේ පහර 11ක් අන්තර්ගත විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ චමිදු වික‍්‍රමසිංහ සහ ෂෙවොන් ඩැනියෙල් දෙදෙනාද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 91ක් දක්වා දීර්ඝ විය. අංක 5 පිතිකරු ලෙස පිටියට පැමිණි රනුදු සෝමරත්න පන්දු 57ක දී වේගවත් ලකුණු 60 ක් ලබා ගනිමින් ශ‍්‍රී ලංකා ඉනිම අවසන් වනතුරු නොදැවී කඩුල්ලේ රැුඳී සිටියේය.

පන්දුවට පහර දෙමින් ලකුණු 35ක් ලබාගත් සදීෂ රාජපක්ෂ පන්දු යැවීමේදී කුවෙට් කණ්ඩායමේ කඩුලූ තුනක් ලකුණු හතරකට බිඳ දැමුවේය. මතීෂ පතිරණද සිය පන්දු වාර තුන තුළදී කඩුලූ දෙකක් දවා ගත්තේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය යටතේ සහභාගි වන දෙවන තරගය අනිද්දා (26 වැනිදා* නේපාලය සමග පැවැත්වේ.

ලකුණු සාරාංශය

ශ‍්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම

ලකුණු 323/5

පවන් පතිරාජ 86, රනුදු සෝමරත්න 60, චමිදු වික‍්‍රමසිංහ 54, ෂෙවොන් ඩැනියෙල් 54, සදීෂ රජපක්ෂ 35.

පන්දු යැවීම

හේබියර් අලි 50/2, අබ්දුල්ලා ශහීර් 30/1, ශීෂාන් අසීම් 49/2.

කුවේට් වයස 19න් පහළ කණ්ඩායම

සියලූ දෙනා දැවී ලකුණු 49

මීට් භාව්සර් 25, ජූඞ් සල්දන්හා 12.

පන්දු යැවීම

දුනිත් වෙල්ලාලගේ 2/4, සදීෂ රාජපක්ෂ 4/3, මතීෂ පතිරණ 7/2

advertistmentadvertistment
advertistmentadvertistment