කුවේට් – ශ්‍රී ලාංකීය එකමුතුවෙන් කාසල් රෝහලට ලක්ෂ 25 ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

117

බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලට දැඩි අවශ්‍යතාවක්ව පවතින, එහි උපදින බිළිඳුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැන බැලීමට අවශ්‍ය “පල්ස් ඔක්සි මීටර්” යන්ත්‍ර හත (7) ක් කුවේට් – ශ්‍රී ලාංකීය එකමුතුව විසින් පසුගියදා එම රෝහලට පරිත්‍යාග කරන ලදී.

 රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් මෙම වෛද්‍ය උපකරණ කුවේට් – ශ්‍රී ලාංකීය එකමුතුවේ සාමාජික මොහොමඩ් නසාර් ඉම්රාන්, එකමුතුවේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක දයා ලංකාපුර සහ ධම්මක විජේරත්න යන මහත්වරුන් විසින් කාසල් වීදිය කාන්තා රෝහලේ බිළිඳු ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතා වෙත භාර දුන් අයුරු. මෙම අවස්ථාවට සහභාගි වූ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ හා මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර යන මහත්වරු ද මෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment