කුසගින්නත් අඩු වන බරත් අඩු වන ක්‍රමයක් හමුවෙයි

414

උදෑසන ආහාරයට බර ආහාරයක් ගෙන රාත්‍රී ආහාරයට සැහැල්ලු සුළු ආහාරයක් ගැනීමෙන් කුසගිනි ඇති වීම අඩු කර ශරීරයේ බර අඩු කර ගැනීමට ද හැකි වන බව එංගලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කර ගෙන තිබේ.

දවසේ කුමන වේලාවක බර ආහාරයක් අනුභව කළ ද ශරීරයෙන් දහනය වන කැලරි ප්‍රමාණය එක සමාන වන බව මෙම අධ්‍යයනයේ දී හෙළි වී ඇත. උදෑසන ආහාරයට බර ආහාරයක් ගත් විට ඇති වාසිය වනුයේ දවස පුරා ඇති වන කුසගින්න අවම කර ගෙන ශරීරයේ බර ප්‍රමාණය ද අඩු කර ගැනීමට එය මගපෑදීම වන බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති. ස්වේච්ඡා සේවකයන් 30දෙනකු යොදාගෙන මාස දෙකක පමණ කාලයක් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව දවස පුරා කුසගින්න ඇති වීම පාලනය කිරීමට ඇති එකම ජයග්‍රාහී මග උදෑසන ආහාරය සඳහා පෝෂ්‍යදායී බර ආහාරයක් ලබා ගැනීම බව අධ්‍යයනය සිදු කළ පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය ඇලෙක්සෑන්ඩ්රා ජොන්ස්ටන් පවසන්නීය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment